පුනරාගමනය

හැමදාම බ්ලොග් එක ලියන්නම් කියලා හිතාගෙන හිටියත් මොකක් හරි හේතුවක් නිසා ඒක මග ඇරෙනවා.
මම ඉතින් හොයන්න පටන් ගත්තා මොකක්ද මේකට හේතුව කියලා? සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් බලන් ගියහම.

පළවෙනි හේතුව තමයි වචන ගලන් එන ස්පීඩ් එකට අකුරු ටයිප් කරන්න බැරි එක. මගෙ පුරුද්දක් තමයි බස් එකේ යනකොට, තනියම එහෙම ඉන්නකොට මනෝ (කැත ඒවා එහෙම නෙවේ) ගහන එක. ඉතින් බ්ලොග් ලියන්න හිතුවට පස්සේ මම ගහන හැම මනෝ පාරක්ම ලිපියක් විදිහට පල කරන්නේ කොහොමද කියලත් අන්තිමේට හිතනවා. ඒ වුනාට හිතන ස්පීඩ් එකෙන් ලියන්න බැරි වුනාම වැඩේ එහෙම්ම හබක්. දෙක තමයි….. මගේ තියෙන නොසෑහෙන්න කරම්මැලිකම. ඒක ඉතින් අවුරැදු 13ක් ඉස්කෝලේ ගිහිනුත් නැති කරගන්න බැරි වුනු එකේ දැන්නම් කොහොමත් නැති කර ගන්න බෑනේ.
බ්ලොග් නොලිය ඉන්නවට වඩා කොහොම හරි ලියන එක හොඳයි කියන පරමාර්ථයෙන් පේළියක් දෙකක් හරි පුළු පුළුවන් විදිහට ලියලා දානවා කියලා අන්තිමේදි හිතා ගත්තා.
බ්ලොග් එක ලියන එක නැවතිලා තිබ්බ කාලේ ජීවිතේ සෑහෙන්න දෙවල් වෙනස් වුනා. ජොබ් 3-4ක් අතර මාරු වුනා, ඒකෙන් නවාතැන හෝමාගමට මාරු වුනා. කසාද බැන්දා. අනේක දේවල් සිද්ධ වුනා මේ කාලේට. ඒ අතර සිංහල බ්ලොග් අවකාශේ තුලත් සෑහෙන්න දේවල් සිද්ධ වෙන හැටි බලන් හිටියා. මොනා වුනත් අතඇරපු නැති එකම පුරුද්ද බ්ලොග් කියවන එක. හොඳයි කියලා හිතෙන හැම බ්ලොග් එකක්ම Google Reader එක‍ට ඇඩ් කරගෙන කියවන එක පුරුද්දක් විදිහටම කරගෙන ගියා මොන තරම් වැඩ රාජකාරි තිබුනත්.
පහුගිය කාලේ පුරාවට මට තිබ්බා හීන කීපයක්. ඒ අතරින් දෙක තුනක් හෙමි හෙමින් සම්පූර්ණ කර ගත්තා. ඒ අතරේ මගේ අළුත් ෆොන් එක ප්‍රධානයි. ඉටුකරගත්ත අළුත්ම හීනය තමා 32” LED Monitor එක monitor කීවට මේක TV එකක්. මං ගාව තිබ්බ LG Monitor එකේ වර්ණ හරියට පෙන්නන්නේ නෑ ඉතින් මට මගේ හැම වැඩකටම ඕනම කරන දේ නැතුව තමා මම හිටියේ. අළුතින් පටන් ගත්ත Design වැඩ ඔක්කොම හිර වෙලා හිටියේ ඒක හින්දා. දැන් නම් ඉතින් කියලා වැඩක් නෑ. ඉතින් දැන් ඊළඟ හීනය තමා DSLR කැමරාවක් ගන්න එක. මම ඉතින් Sony fan කෙනෙක් නිසා සෝනි ගන්නම් කියලා හිතුවත් ගොඩාක් අයගේ අවවාදය Canon වලට යන්න කියලා. මොනා ගන්නත් ඉගෙන ගෙන හිටියොත් හොඳයි කියලා මම මේ දවස් වල Photography ඉගෙන ගන්නවා. ඉතින් ඒ ගැන විස්තරයක් ඊළඟ Post එකෙන් දාන්නම්. හුඟ දවසකින් ලියන්න ගත්ත නිසා අදට මේ ඇති.
මගේ Photography ඉගෙන ගැනිල්ල ඊළඟට……

2 ප්‍රතිචාර:

දැකලා පුරුදු ප්‍රොෆයිල් පික්චැර් එක දිගේ මෙහෙට ආවේ. අපි හැමෝටම පොදු ලෙඩක්ද කොහෙද, පටන් ගත්ත කාලේ එක දිගට ලිව්වාට දැන්නම් ගොඩාක් හිතලා මතක් කරලා තමා ලියන්නේ. ඉස්සර වගේ බස් එකේ විනාඩි 40 ගමන නැති වෙච්ච එක මටත් බ්ලොග් නොලියා ඉන්න සෑහෙන ලොකු හේතුවක් උනා. කොහොම නමුත් මාසෙකට සැරයක් හරි ලියමු නේද?

June 26, 2011 at 1:45 PM  

අනිවාර්යයෙන්ම.... පරණ අයගෙන් දෙතුන් දෙනයි දැන් ලියන්නෙත්. බොහොම ස්තූතියි Comment එකට.

June 26, 2011 at 1:56 PM  

Older Post Home