ජීවිතේට ම මම හම්බ කරපුවාගෙන් අන්තීමට ඉතුරු වුනේ මිනිස්සු විතරයි.
ඒත් මම වෙලාවකට හිතුවා කොච්චර හිටියත් මොකටද කියලා.
හැමොම එකම යුද්ධයක...
ජීවිත සටන. සල්ලි වෙනුවෙන් හැමොම දුවනවා දුවනවා. සල්ලි නෙවෙයි ජීවිතේට ඕන වෙන්නේ
නිදහස....
එහෙම හිතාගෙන තමා අනිත් අය ලඟ වැඩ කරන එක නවත්තලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
ඇත්තටම නිදහසේ හිටියා.
හැබැයි එක දෙයක් මග ඇරුණා. ඉස්සර විනෝද ගමනක්, උත්සවයක්, ප්‍රදර්ශනයක්, කෑම්ප් එකක් තිබ්බොත් ඉස්සෙල්ලම ආරාධනාව මට. මචන් .... දා උදේ යනවා වරෙන්.
හැබැයි පහුගිය අවුරුදු තුනටම මම කරපු එකම දෙය වැඩ.. වැඩ.. වැඩ...
ඒත් අන්තිමට ඉතුරු වුනේ .......................?
ලෝකෙට ණය නොවී බේරුනේ අමාරුවෙන්.
ඒත් මිනිස්සුන්ට, යාළුවන්ට මාව මතකයි. උන් වෙනදා වාගේම මට ලෙන්ගතුයි.
මම සම්බන්ධතා තියාගත්තේ නැති වුනාට උන්ට තාම මාව මතකයි.
පරණ පුරුදු සෙනෙහෙසින් මාව පිළිගන්නවා.
මේ දේ නේද මට ඕන වුනේ. සල්ලි වලට යට නොවුනු ලෝකයක්.
හැමොම එකට වැටිලා එකට ඉන්න එක නේද මට ඕන වුනේ.
ඒත් ඒ සල්ලි පිටිපස්සේම දුවන්න මට සිද්ධ වුනා.
කමක් නෑ. දැන් ආය මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. මම හම්බ කරගත්ත මනුස්සයෙක්ම මට උදව් කලා මේ අවපාතයෙන් ගොඩ එන්න. සාමාන්‍ය රැකියා ස්ථානයකට වඩා නිදහසකුත් සමග.
ඒ වගේම සල්ලි වලට බොහොමත් ස්තූති කරනවා මිතුරන් සහ සාමන්‍ය මිනිසුන් කවුරුන්දැයි නැවතත් පැහැදිලිව පෙන්වා දීම පිළිබඳව.
................................................................................................
අන්තර්ජාලයේ මිතුරනි ඔබ සැමට දහස් වරක් ස්තූතියි... මා සමග රැඳි සිටියාට. හම්බ වෙමු නැවත 27.
ලියලා තියෙන දේවල් තෙරෙන්නේ නැතිව ඇති. දුක සතුට කළකිරීම පිළිබඳව මගේ සිතට දැණුනු හැඟිම වචන වලට හැරුනේ ඔහොමයි.
ලේබල් : හිතට දැනෙන දේවල්
හුරේ මෙන්න නැවත ඇවිල්ලා.. අවුල ගැන මම මොකුත් දන්නේ නෑ.. නමුත් ගොඩ ඇවිත් වගේ පේනවා.. නියමයි... මම එන්නම් ඔයාලා මැරතන් දුවනවා බලන්න...
malee_msg said...
December 22, 2008 at 9:33 AM
@malee_msg වගේම මටත් ප්රශ්නය ගැන හරි අදහසක් නෑ.නමුත් ප්‍රශ්නයෙන් ගොඩ ආපු එකට හදවතින්ම සුභපැතුම් පල කරනවා. ලැබුනු අත්දැකීම් ලෝකයේ යතාර්ථය හදුනාගැනීමට උපකාරී වුයේ යැයි සිතනවා.
Anonymous said...
December 22, 2008 at 12:39 PM
Welcome back!
සුභ පැතුම්. අමාරු කාලය ගෙවිල ගියානේ.
ශාකුන්තල | Shaakunthala said...
December 22, 2008 at 8:44 PM
welcome back. සුභ ආරංචිය දැන ගන්න ලැබුණා. දාමුද පාටියක් :) ජීවිතේ ඔහොම තමයි වැටි වැටි නැඟිටින්න ඕන.
Pahan said...
December 22, 2008 at 9:49 PM
Stainless Steel Habanero Pepper Sauce - Titanium Art
The Habanero chili pepper is made titanium teeth dog with the help of its kin. apple watch series 6 titanium The columbia titanium jacket habanero chili pepper is famous titanium stud earrings for its intense cost of titanium flavor,
ilaniauhrich said...
March 5, 2022 at 5:59 PM