දෙමළ ජනයාගේ ප්‍රශ්නය හා යුද්ධය

20080822-212035-pic-246065967

දශක දෙක හමාරක් තිස්සේ ඇදී යන යුද්ධයට දැන් අවසාන කාලය ලංවී ඇත. සම්පූර්ණ අවසානයක් මෙසේ යුද්ධයකින් පමණක් දැකිය නොහැකි වුවත් මෙම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතු යැයි මම සිතමි. එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය අවසාන කිරීමෙන් පසු උතුරු පෙදෙස සංවර්ධනයටද මෙලෙසම උද්යෝගයක් දැක්විය යුතුය. නැතිනම් මෙපමණ පරිත්‍යාග මධ්‍යයේ ලබා ගන්නා ජයග්‍රහණය පලක් නොවනු නිසැකය. මොකද වසර 25 ක කාලයක් පුරාවට යුද්ධය පමණක් අත්විඳ ඇති උතුරේ ජනයා හට තම අත්දැකීම්ද ඇත්තේ යුද්ධය සම්බන්ධයෙන් පමණක් බැවින් ඔවුන් සාමාන්‍ය සිවිල් ජීවිතයකට හැඩ ගැස්සවීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානසික පසුබිමද සැකැස්විය යුතුය.

අද දින දවල් වරුවේ මා සමග සංවාදයට පැමිණි (chat)අයකු පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව මේ කරගෙන යන යුද්ධය වැරදි බවය. ඔහු පවසන්නේ ඔහු කොටි සංවිධානයට කැමති නැති බවත්, මෙම ජන ඝාතක යුද්ධය නිසා අහින්සක මිනිසුන් මැරෙන එකටත් ඔහු කැමති නැති බවත්ය. ඔහුට අනුව ලංකාව පුරා බෝම්බ පුපුරන්නේ සිංහල අපගේ වැරැද්ද මත මිසක් වෙන හේතුවක් නිස නම් නොවේ යන්නයි. ඔහු පවසන්නේ වසර හැටක කාලයක් පුරා ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙන බවය එය නොවිසඳා මෙයට පිළිතුරක් නැති බවය. ඉතින් මම මෙසේ ඇසුවෙමි

හොඳයි දෙමළ ජනයාට තියෙන ප්‍රශ්නය මොකද්ද?

නමුත් එයට ඔහු හට උත්තරයක් නැත.ඔහුට පමණක් නොවේ මෙම යුද්ධයට විරුද්ධ කිසිවෙකුටත් එයට පිළිතුරක් නැත. ඇත්තටම මොකද්ද තියෙන ප්‍රශ්නය? ඔවුන්ට රටක් නැතිකමද? පිළිතුර ප්‍රශ්නයක් නැත. කොටින්ම දෙමළ ජනයාට ඔවුන් දෙමළ වූ පමණින් මෙරට තුල කිසිදු ප්‍රශ්නයක් නැත.සමහරුන් සිතා සිටින්නේ 77,83 සිදුවීම් මෙයට ප්‍රධාන හේතුව කියාය. නමුත් එම කාලයේදී සිංහලයාටද එම සියළු කරදර විඳිමට සිදුවු බව ඔවුනට අමතකද? නැතිනම් අමතක සේ සිටින්නේද?

අද ඔය ව්‍යාජ මානව හිමිකම් ගැන කථා කරන කිසිවෙකු 89-92 දී මානව අයිතිවාසිකම් ගැන කෑ ගැසුයේ නැත. අඩුම ගණනේ කට වත් හොල්ලා නැත. නමුත් අද මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට පහර එල්ල කරද්දී ඔවුන්ට රිදෙයි. දැන් ඔවුන් කියන්නේ මෙය සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි. මේ කුරිරු යුද්ධය නිසා අහින්සක දෙමළ ජනයා මැරෙන බවයි. නමුත් ඔවුනට දකුණේ මැරෙන සිංහල ජනයා ගැන කැක්කුමක් ඇති නොවෙයි. එහිදී මානව හිමිකම් කඩ නොකෙරෙනවා විය හැකිය.

ඇත්ත වශයෙන්ම දෙමළ ජනයා හට ප්‍රශ්නයක් නැත. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. ඔවුන් ඒ සඳහා දෙමළ ජනයා පලිහක් ලෙස ඉදිරියට දමමින් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මාන බලමින් සිටිති. දැනට අවුරුදු 25ක් සිදු වූයේ එයමය. එයට පෙරද සිදු වූයේ ද එපමණකි. බලාගෙන ගියහොත් ප්‍රශ්නයක් ඇත්තේ මෙරට සිංහල ජනතාවටය. ඔවුන් මෙරට සිංහල වූ පමණින් අපට අහිමි වු දේ බොහෝය. අඩුම ගණනේ තම රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කිරීමටද අප හට දැන් නොහැකී වී ඇති සේය. මෙයට ආසන්නම උදාහරණය පසුගිය කාලය තුල අප රට තුලට දිගු කෙරුණු ඉන්දීය හස්තයයි. කොටින් පසුගිය සාම විරාම ගිවිසුම කාලයෙහි දී මෙරට සාමාන්‍ය සිංහල ජනයා අතරට බොම්බ අතෑරිය වග ඔවුනට ගණනක් නැත. දිගින් දිගටම පසුගිය වසර 25 තුලදීම මෙරට අහිංසක සිංහල ජනයා මෙන්ම, මැතිඇමතිවරුන් ද සැහෙන් ප්‍රමාණයක් නිරපරාදේ මරු තුරුලට ගිය වගද ඔවුනට අමතකය. අඩුම ගණනේ පසු ගිය දිනවල දිවයින පුරා පුපුරා ගිය බොම්බ වලින් මිය ගිය පිරිසද ඔවුනට අමතකය. නමුත් එම ප්‍රහාර වලට විරුද්ධව පියවර ගැනීම අසාධාරණයක් බවට ඔවුන් කෑ ගසති. දේශපාලන විසඳුමකට පැමිණිය යුතු බව කියති.

මා දන්නා තරමින් මෙරට දෙමළ ජනායාට කිසිදු ප්‍රශ්නයක් නැත( දන්නා තරමින් නොව කෙසේම වත් ඔවුනට පමනක් පොදුවූ ප්‍රශ්නයක් නැත.). අපි සියළු දෙනාම දැනටත් ඉතා හොඳින් එකිනෙකාව අශ්‍රය කරමින් සිටිමු. උදව් කරගනිමින් විවාහ සම්බන්ධතා පවා ඇති කරගනිමින් සිටි. සාමාන්‍ය දෙමළ ජනයාට සිංහලයා කෙරෙහිද සිංහල ජනයාට දමිලයින් කෙරෙහිද තරහවක් නැත්තේමය. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. එය යුධමය වශයෙන් පරාජය කල යුතුය. මා එසේ කියන්නේ කොටීන් හට සාමය වැළඳ ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සෑහෙන වරක් අත දිගු තර ඇත. තවමත් ඔවුනට ආයුධ බිම තබා එම මාර්ගය තෝරා ගත හැක. නමුත් ඔවුන් එසේ නොකරනු ඇත. මොකද ඔවුනට අවශ්‍ය වී ඇත්තේ වෙනම දෙමළ රාජ්‍යයක් මිසක් වෙන යමක් නොවන බැවිනි. ඔවුන්ගේ සිහිනයේ අවසන් කොටසට දැන් එළඹ ඇත. එම නිසා කොටි මෙන්ම ඔවුනට සහයෝගය දක්වන NGO සංවිධාන, සහ පුද්ගලයින් ද මරු විකල්ලෙන් දඟලනු ඇත. මෙම යුද්ධමය පරාජය සිදු කරන ගමන්ම ඒ හා සම්බන්ධ මතවාද ආකල්ප සහ පුවාදත් පරාජය කල යුතුය. මොකද මේ යුද්ධය නිසා වාසි ලබා ගන්නා හබන් කුකුලන් රැසක් වටවී බලා සිටිනා බැවිනි.

23 ප්‍රතිචාර:

ඔය කියන පුද්ගලයා මාත් එක්කත් chat කරන්න ආවා. මම හිතන විදියට නම් ඔහු මානසික රෝගයෙකින් පෙළෙන්නෙක්(අන් අයගේ අවධානය ලබා ගැනීමට මෙවන් දේ ලියන්නෙක්). මම ඔහුගෙන් ඇහුවම "හරි යුද්දෙ නැවැත්වුවා කියමු ඊට පස්සේ කරන්න ඕන මොකද්ද " තියලා ඔහුට උත්තර නැතිව ගියා. මම නැවත නැවත ඇහුවත් ඔහු පිලිතුරු දීම මඟහැරියා.

November 7, 2008 at 7:48 AM  

මෙන්න මේක ගැනද කියන්නේ? මූ නම් මානසික රෝගියෙක්.

from shan.infor@gmail.com
to
date Thu, Oct 9, 2008 at 3:52 PM
subject Invitation
mailed-by gmail.com

hide details Oct 9


Reply


Dear

I would like to invite to visit and to comment my blog site.

www.shaninfor.blogspot.com

--
thank you very much,
shan

November 7, 2008 at 8:49 AM  

ශාකුන්තල ඔහු තමා, ඔහුට කියන්නේ අප වැන්නවුන් බාලාංශ පංතියේ සිටින බවත් අපට මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට නොහැකි බවත්ය. එමෙන්ම ඔහු මහාචාර්‍ය නලින් ද සිල්වා මහතාව තර්ක කර පැරද්දවූ බව කියු නමුත් තර්කය මොකද්ද කියා කීවේද නැත.

November 7, 2008 at 9:41 AM  

නියම සටහන! මට අමුතුවෙන් එකතු කරන්න දෙයක් ඉතුරු කරලා නෑ :)

හැබැයි මෙහෙම දේකුත් හිතෙනවා, සිංහලයන්ගේ අතිනුත් දේශපාලන වසයෙන් යම් යම් වැරදි මුලින් සිදුවෙලා තියෙනවා. ඒක නිසා ඒ වැරදි උලුප්පලා කොටි ත්‍රස්තවාදය මුලින් ලෝකයේ අනුකම්පාව දිනා ගන්න සමත්වුනා. නමුත් දැන් දැන් ලෝකයාට තේරෙනවා ‍කොටි කියන්නේ තවත් එක් ත්‍රස්තවාදී සංවිධානයක් බව.

සටහන නම් නියමයි! හැමෝම අනිවාර්යයෙන්ම කියැවිය යුතුයි!

November 7, 2008 at 2:32 PM  

අමල්, දෙමල නිජ භූමිය ගැන ඔබේ අදහස් මොනවාද?

November 7, 2008 at 3:06 PM  

@ - සරත් ගුණතුංග මහතා

අමල්ගේ මතය කෙසේවෙතත් මගේ මතය දක්වන්ට හිතුනා.

දෙමළ ජාතියේ නිජ භූමිය ලංකාව නොව ඉන්දියාවයි. එනිසා නිජ භූමියක් වෙනුවෙන් සටන් කරන්නේ නම්, ඔවුන් තොරාගත යුත්තේ ලංකාව නොව ඉන්දියාවයි. ලාංකිය දමිළ ජනයා මුලින් ලංකාවේ පදිංච් වූයේ ආක්‍රමණ හරහා වුවද පසුකාලීනව දේශීය ජනයා (සිංහල) සමඟින් සහජිවනයෙන් කටයුතු කරනු ලැබුවා. ලංකාවේ උපත ලබන දෙමළ භාෂාව කතා කරන දෙමළ ජනයා තමන්ට නිජ භූමියක් වෙනුවෙන් සටන් කරනවාට වඩා, ඉන්දියාවෙන් හා තමිල්නාඩුවෙන් වෙන්වූ පැවැත්මක් ඇතී ලාංකිකයන් වශයෙන් අනිකුත් සහෝදර සිංහල හා මුස්ලිම් ජනයා සමඟින් සහයෝගයෙන් සිටීම තමයි වඩාත් අගනා. මෙය ජාතිවාදය ඇවිස්සීමට හා යුද්ධයක් ඇතිවීමට පෙර ඉතාමත් අලංකාර ලෙස පැවතුනා. නමුත් යුද්ධයෙන් පසු යම් යම් දෑ සිදු වුවත්, වර්තමාන දෙමළ ජනයා තුළ ඒ ස‍හයෝගීතාවයේ අදහස වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්ට තිබීම සතුටක්. ඇත්තටම විය යුත්තේද එයයි.

November 7, 2008 at 4:04 PM  

ශාකුන්තල අයියේ, බ්ලොග් ලියන්නා මානසික රෝගියෙකු වුවත් ඔහුද බ්ලොග් කරුවෙකු බව අමතක නොකල යුතුයි. බ්ලොග් කරුවෙකුගේ පෞද්ගලිකත්වය විවෘත කිරීම හරිම භයානකයි. එය විවෘත කරන්නාට වාගේම ලියන්නාට කරදර ඇතිකරන්නක්.
ඒ නිසා, මා මේ බ්ලොග් අඩවියේ හිමිකරුගෙන් ඉල්ලා සිටිනවා බ්ලොග් කරුවන්ගේ අයිතිවාසිකම සුරැකීම වෙනුවෙන් ඒ comment එක ඉවත් කරන ලෙස.

ස්තූතියි.

November 7, 2008 at 5:25 PM  

සරත් මහත්මයාණෙනි
දෙමල නිජ භුමි සංකල්පය යනු මිත්‍රාවක්. එය සම්පූර්ණයෙන්ම ජාතිවාදී දෙමල දේශපාලකයින් විසින් රචනය කරන ලද්දක්. ලංකාවේ කිසිම කලක දෙමළ රාජ්‍යක් පැවතී නැහැ. උතුරේ ද පැවතුනේ ආර්‍ය චක්‍රවර්ති රාජ්‍ය සිංහල රජවරැන් යටතේ පැවතුනු ඒවායි. අනික ශ්‍රි ලංකාවේ අතීත දෙමළ ජනයා කෙමෙන් සිංහල ජාතියත් සමග මුහු වුනා. දැනට උතුරේ සිටින දෙමළ ජනයාගෙන් බොහෝමයක් ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් දුම්කොළ වගාව සඳහා ලන්දේසීන් විසින් ගෙන්වනු ලැබූ අය බව කියයි. ඔවුන්ගේ භාශාව දකුණු ඉන්දීය දෙමළ වලට වඩා වෙනස් වීමට හේතුව එයයි.
ඉතින් ලංකාවේ කිසිම කලක දෙමල රාජ්‍යයක් පැවතී නැහැ. එමෙන්ම දැනට ලෝකයේද කොතනකවත් දෙමළ රාජ්‍යක් නැත. එම අරමුණ ලංකාවේදී මුදුන් පත් කර ගැනීම සඳහා නවසිය තිස් ගණන් වලදී පටන් ගත් මොළ සේදීමේ ක්‍රියාවන් නිසාය මෙම යුද්ධය මෙතරම් දුර ඇවිත් තිබෙනුයේ.

November 7, 2008 at 5:32 PM  

සුපුන් මල්ලී
මෙයා අදත් මාත් එක්ක සංවාදයට ආවා. ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටියා මගෙන් ඔහුගේ අඩවියට ප්‍රචාරයක් ලබා දෙන ලෙස. මම මගේ ලිපියේදීත් ඔහුගේ නම සඳහන් නොකර සිටියේ ඔහුගේ මතයට මවිසින් ප්‍රචාරයක් නොදිය යුතු නිසයි. මේ ශාකුන්තලගේ අදහස ඉවත් කරන එක හරිද?

November 7, 2008 at 5:39 PM  

ඔබ කැමති නම් එය ඉවත් කරන්න. ඒත් මේ ස්පෑම් එක මට කීප වතාවක් ඇවිල්ල තියෙනව.

November 7, 2008 at 6:28 PM  

ඔහු එසේ ඉල්ලා සිටියානම් ගැටළුවක් දකින්නේ නෑ. මා ඒ වග නොදැනයි කිව්වේ.

November 7, 2008 at 6:29 PM  

අදත් ඔය පුද්ගලයා මාත් එක්ක චැට් කරන්න ආවත් මං ගනන් ගත්තේ නෑ. ඒත් මං අදත් ඇහුවා කලින් ප්‍රශ්නයම. ඔහු කියනවා මේවා ගැන කතා කරන්න මං පොඩි වැඩිලු. ඒත් මං දිගින් දිගටම කිව්වා මට නොතේරුනත් කමක් නෑ කියන්න කියලා. එතන සිට මං යවන යවන චැට් මැසේජ් එකට "අනේ පව් " කියන වචන සෙට් එක හැරෙන්න වෙන උත්තරයක් තිබුනෙත් නෑ. ඔය දැන් මිනිහා ලියන අදහසුත් මිනිහගෙම ඒවා වෙන්න බෑ. කොහෙන් හරි අහුලගත්තුවා වෙන්න ඕනේ.
දැන් අපිට ඔය කියන පුද්ගලයාගේ අරමුණ පැහැදිලියිනේ. ඒ නිසා අපි එයාගේ බ්ලොග් අඩවිය සඳහා comment නොදා ඉඳිමු. ඔහු ලියන දේවල් වලට පිළිතුරු ඔහුගේ බ්ලොග් අඩවිය ගැන සඳහන් නොකර සිටිමු (promote නොකර සිටිමු) කියල මං යොජනා කරනවා.

November 7, 2008 at 7:05 PM  

මටත් ඔය ඊමේල් නම් ඇවිත් තියෙනවා..

සටහන නියමයි.. හොඳට තර්කානුකූව ලියලා තියෙනවා... මට කියන්න මොනවත් නෑ... ඒත් මමත් එක දෙයක් එකතු කරන්නම්...

ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ තුළ දෙමළ ජනයා කී දෙනෙක් කොතරම් නිදහසේ ජීවත් වෙනවාද? ඒ සමගම කොටි පාලන ප්‍රදේශ වල සිංහල මිනිසුන් කී දෙනෙක් නිදහසේ ජීවත වෙනවාද?.. පිළිතුර අරගෙන බැලුවොත් පෙනෙයි කාට මොන වගේ අසාධාරණයක් වෙලාද කියලා...

ඒ වගේම සුදාරක මල්ලීගේ අදහස හොඳයි කියලයි මම හිතන්නේ... ethical නෑ කියලා හිතෙනවා බ්ලොග් කරුවාගේ විස්තර දාලා ඔහුගේ නිදහස නැතිකරන එක... බ්ලොගින් කියන්නේ තමන්ගේ අදහස ප්‍රකාළ කරන්න තියෙන තැනක්නේ... ඒක අපිම නැතිකරනවා කියන්නේ අපේම වල කපාගැනීම නේද?

November 7, 2008 at 9:46 PM  

SHAN කියන්නෙ මේ පුද්ගලයාගෙ ඇත්ත නම නෙවෙයි. ඔහු කවුද කියා මම මේ දැන් සොයාගත්තා. බ්ලොග්කරුවන්ගේ අයිතීන් සුරැකිය යුතු නිසා මම එය හෙළි කරන්නේ නෑ.

හැබැයි මේකත් හිතේ තියාගන්න: ත්‍රස්තවාදීන්ගේ ආචාරධර්ම කියා දෙයක් නෑ.

November 8, 2008 at 4:34 PM  

අමල් ඔබේ සටහන තුල ඉතා වැදගත් අදහස්
රැසක් අන්තර් ගත වී තියෙනවා.

@ සරත් ගුණතුංග මහතා,
ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කර තියෙනවා.
දෙමල ජනතාවගේ නිජබිම පිළිබදව,
දෙමළා කියන්නෙත් සිංයලයා වගේම දැවැන්ත
සංස්කෟතියක් සහිත ජනවර්ගයක්.
මා විස්වාස කරන හැටියට නම්
ඒවැනි ජනතාවකට ලොව කොතැනක හෝ ඔව්න්ගේ උපත සිදුවූ නිජබිමක් තිබිය යුතුය ,
එසේම ඔව්න්ට ඔව්න්ගේ නිජබිම තුල නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත.
එම නිජභූමියේ නිදහස වෙනුවෙන් සටන් කරන්නට අයිතියක් ඇත.
එම අයිතිය දෙමලාට පමණක් නොව
ලොව ශිෂ්ඨාචාර ‍ගොඩනැගු සෑම ජාතියකටම
හිමි විය යුතුය.
එය දෙමළා , සිංහලයා , මරක්කලයා ,රතු ඉන්දියන් කියා වෙනසක් නොවිය යුතුය.
රතු ඉන්දියන් වරයාට ඇමෙරිකානු මහාද්විපය පිළිබද අයිතියක් තියෙනවා ,
මරක්කලයාට අරාබිය පිළිබදව අයිතියක් තියෙනවා,
සිංහලයාට ලංකාව ගැන අයිතියක් (අපේ එවුන් පිළිනොගත්තට) තියෙනවා ,
මොකද මේ සෑම ජාතියක්ම එම ශිෂ්ඨාචාර ආරම්භයේ ,උපතේ පටන් ආත්මීය බැදීමකින් යුක්ත වෙනවා.
මේ විදියට බලන කොට දෙමල ජනයාට සිදුවී තිබෙන්නේ ලොකු අසාධාරණයක්.
ඔවින්ගේ නිජබිම පැහැරගෙන .ඔව්න් එය ලබාගැනීම සදහා සටන් කළ යුතුයි.
(මේක ලොකු මාතෟකාවක්,කොමන්ට් එකේ ලියන්න අමාරුයි . හෙට හවසට මගේ බ්ලොග් එක බලන්න. .http://manojcola.blogspot.com/)

November 8, 2008 at 10:02 PM  

@මනෝජ්
දෙමළ ජනයාට අසාධාරණයක් වෙලා තියෙනවනම් ඔවුන් යුද්ධ කරන්න ඕන ඉන්දියාවේ. නැතුව ලංකාවේ නෙවෙයි. මොකද ලංකාවට වඩා ඉතිහාසයක්, ජන ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවේ. ඉතින් එහේ එහෙම කරන්නේ නැත්තේ ඇයි. මුස්ලිම් ජනයාට පකිස්ථානය ලබා ගත්තා වගේ ඉල්ල ගන්න තිබ්බනේ. කරුණානිධි ට ඒකට උදව් කරන්න තිබ්බනේ. ඔවුන් දන්නවා එහෙම ඉල්ලුවනම් වෙන දේ, අපේ සිංහල මිනිස්සු හැම ජාතියකටම හොඳින් සලකන නිසා ඔවුන් හිතන්න ඇති ඔවුන්ට වෙනම රටක් ඉල්ලුවොත් ඒකත් දෙයි කියලා. එහෙමද?

November 8, 2008 at 10:25 PM  

@අමල්
හරියටම හරි අමල්

@මනෝජ්
"සිංහලයාට ලංකාව ගැන අයිතියක් (අපේ එවුන් පිළිනොගත්තට) තියෙනවා"
මෙතන අපේ එවුන් කියල ඔබ අදහස් කරනනේ කවුරුන්ද?

November 8, 2008 at 10:34 PM  

ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශය දෙමල ජනතාවගේ නිජබිමය, ඒහි අයිතිය දෙමල ජනයා සතුවිය යුතුය කියන මේ මතවාදයම වරදක්. අනික් අතට මේ නිජබිම කියන සංකල්පය අර්ථ දැක්වෙන්නේ 'ජනවර්ගයක/සංස්කෘතියක බිහිවීම' කියන සාධකය අනුව නම් අමල් කියනවා වගේම දෙමල සංස්කෘතියේ මුල් බිම ලංකාව විය නොහැකියි.

මේ යුද්ධය වූ කලි නිජබිම පිළිබඳ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. (ඒක මතුපිටින් පෙන්වන සංඛේතයක් විතරයි)
ජනවර්ග කිහිපයක යම් සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයක අනිවාර්්‍ය ලෙස ඇතිවන ප්‍රතිවිරෝධයන් හේතුවෙන් බිහිවන ගැටළු වලට නිසි දේශපාලන විසඳුමක් (වර්තමාන අදහසිනි් නොවේ) නොලැබීම තමයි මෙහි ප්‍රභවය වෙන්නේ. මේ ගැටළුව යටතවිජිත පාලනය තුල බෙදාවෙන්කොට පාලනය කිරීමේ ක්‍රමඋපායන් තුල සිටම නිදහසින් පසු සිංහල-දෙමල දෙපාර්ශ්වයේම නායකයන් ගේ අවස්ථාවාදී හා අත්තනෝමතික තීරණත් ක්‍රියාමාර්ගත්, එමෙන්ම සමකාලීන සමාජ ව්‍යාපාරයන් හි අසාර්ථකත්වයත් හේතුවෙන් අවසානයේ අර්බුධයක් බවට පත්වුවක්.

මේ යුද්ධය මෙතරම් දුරකට පැමිනියේ දෙමල දේශපාලකයන්ගේ අවශ්‍යතාවය මත කියන එක සම්පුර්ණ සත්‍යක්මද?. පැහැදිලිවම දෙමල ජනයාට යම් අසාධාරණයන් සිදු වුනා. නිවැරදිව කියනවා නම් ජනවර්ගයක් වශයෙන් ඔවුන්ගේ අවිශ්වාසය වැඩි දියුණු වෙන ආකාරයේ ක්‍රියා මාර්ගයන් සිදුවුනා. භාෂා ප්‍රශ්නයේ සිට ප්‍රමිතිකරණය ආදී ප්‍රතිපත්තීන් මෙන්ම අවස්ථා කිහිපයකදි (1958,77,79,81,83) සිදුවුනු වාර්ගික ගැටුම් ද හුදෙක් දේශපාලනික (යම් තරමකට ජාතිවාදී මානසිකත්වයත් නිසා) අවශ්‍යතාවයන් හේතුකොට ගෙන සිදුවූ යාපනය පුස්තකාලය ගිනි තැබීම, සංවර්ධන සභා ඡන්දය කඩාකප්පල් කිරීම වැනි මුග්ධ ක්‍රියාමාර්ගයන් තුලින් දෙමල ජනතාව, අවස්ථාවාදී දෙමල ජාතිවාදය තුලට තව දුරටත් තල්ලු කරනු ලැබුවා. විවිධ මුලාශු වලට අනුව හොඳින්ම පැහැදිලි වෙනවා. 1983 වන තුරුත් උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට සාමාන්‍ය දෙමල ජනයාගේ එතරම් බැඳීමක් හෝ කැමත්තක් නොතිබූ බව. එහෙත් 83 ප්‍රචන්ඩත්වය විසින් තත්වය වෙනස් කරනු ලැබුවා. එතෙක් ලංකාව තුල වු ගැටළුව ජාත්‍යන්තරකරණය කිරීමේ මුල් පියවර තමයි ඒ.

අවස්ථා කිහිපයකදීම පහසුවෙන් විසඳාගත හැකිව තිබු ගැටළුවක් මෙසේ අර්බුධයක් බවට රූපාන්තරණය වීම අහඹු සිදුවීමක් නොවන බව පැහැදිලියි. අනිවාර්්‍ය ලෙසම දේපාර්ශ්වයේම සාමාන්‍ය ජනයාට මේ යුද්ධය අවශය නොවන බව නිසැකයි. ඒත් අධිපතිවාදී මතවාදයන් තුල අද අපට ඉතුරු කොට ඇත්තේ යුද්ධය හා අවිශ්වාසය පමණයි.

එහෙත් මම දකින විදියට මේ මොහොතේ පවතින යුද්ධය වූ කලී 'අනිවාර්්‍ය අවශ්‍යතාවයක්'. (ඒත් යමෙකුට සාධාරණ තර්කයක සිට මීට විරුද්ධ විමේ අයිතියද ඇතැයි සිතමින්) ඒ දෙමළුන් පරාජය කල යුතුය යන ආස්ථානයේ සිට නොව. මේ මොහොතේ L.T.T.E. යේ (ප්‍රභාකරන්ගේ) පරාජය තුල දකුණේ සමාජය හෙලා ඇති දෘෂ්ඨිවාදි බොරුවලෙන් ගොඩගත හැකි වේ යැයි සිතන නිසා.
එමෙන්ම ජාති-ආගම්-කුල හේද වලින් තොරව මේ සමාජය තුල ඇති පොදු ගැටළුවලට විසඳුම් සෙවීමට නම් මේ ඊනියා බෙදුම් රේඛාවන් ගෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා වන පුළුල් සමාජ ව්‍යාපාරයෙක් ගොඩනැගිය යුතු වුවත් අවාසනාවකට එවැන්නක් නම් පෙනෙන තෙක් මානයක නැහැ. ඒ වෙනුවට යුද්ධමය විසඳුමකින් පසුව අනාගතයේ තවත් බිහිසුනු ඉරණමක් කරා ලංකාව සූදානම් වන අයුරු පමණක් මම දකිනවා.

--
සියල්ලන්ම නොවූවත් තවමත් රට මැදට වන්නට වතුකරයේ එක් ආකාරකට වහල් ජීවිතක් ගතකරන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව ගැන මහා සමාජය තුල අවධානයක් යොමු නොවන්නේ ඇයි? මම දන්නා තරමින් බොහෝ වතු ආශ්‍රිත හා දමිල ජනයා ජිවත් වන ප්‍රදේශයන් හි පාසල් අධ්‍යාපනය පවා හරියාකාරව නොලබන දරුවන් ඉන්නවා. (ඒ ප්‍රදේශයන් වල පහවසර ශිෂ්‍යත්ව සමත් වූ දෙමල ළම‍යින් කිසිවෙකු මම දැක නැහැ). යමෙකුට කියන්න පුළුවන් මෙය දුප්පත්-පොහොසත් කම පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ය කියලා. ඒත් ඒ තත්වය හුදු මුදල් පිළිබඳම ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. ඒ ඔවුන්ට සමාජයේ හිමි තැන පිළිබඳ ගැටළුවක්.(මෙය උතුරේ ගැටළුව සඳහා හේතුවක් ලෙස මම හිතන‍්නේ නැහැ. එය වෙනත් සමාජ තත්වයන් තුල පැන නැගුනක්) එහෙත් 'දෙමල' යන පදයම අවමාන අර්ථයකින් භාවිතාවන සමාජයක් තුල ජාතිවාදයේ විෂබිජයන් නැතැයිද, අනිත් අතට පවතින සමානාත්මතාවයක් ගැනද කතා කිරීමත් විහිළුවක් පමණයි.

November 9, 2008 at 11:18 AM  

මේ පිලිබඳව කියැවීමට මේ වෙබ් අඩවියට යන්න.

http://members.tripod.com/~sosl/homeland.html

November 9, 2008 at 4:32 PM  

අමල් ඔබ අදහස්කළා හරි දෙමල මිනිස්සු යුද්ධ කරන්න ඕන ඉන්දියාවේ .
ඉන්දියාව තුල දෙමල මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.
අසාධාරණය තමයි
දෙමල මිනිසුන් විසින් ගොඩනගන ලද ශිෂ්ඨාචාරය ඹව්න්ට අහිමි කරීම.
දෙමළ මිනිස්සුන්ගේ නිජබිම උතුරු ඉන්දියාවයි .
මීට අවුරුදු දහස්ගණනකට පෙර හින්දු ජාතිකයින් දෙමළ සංස්කෘතිය
ආක්රඅමණය කරනවා එදා ඉදලා දෙමලා හින්දුන්ගේ යටත් ජාතියක් බවට පත්වෙන්වා
මේ සිදුවීම ඔස්සේ තමයි දෙමල ජාතියට රටක් නැතිවෙන්නේ.
අදත් ඉන්දියාවේ දෙමල මිනිස්සුන්ව පාලනය කරන්නේ හින්දූන්
ඔව්න් අද ලංකාවේ ඉදිරිපත් කරන නිජබිම් සංකල්පය බොරු මවා පෑමක් විතරයි.

@ පහන්
මම අපේ එවුන් කියල අදහස් කලේ;
මේ අපි“සිංහල මිනිස්සු”
“අපේ තරුණ පරපුරේ සිංහලකොල්ලෝකෙල්ලෝ”
අද සිංහල මිනිස්සු තමන් සිංහලයෙක් කියල ප්රසිද්ධියේ කියන්නත් බයයි.
උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ “බහු ජාතිකයෝ’ කියලයි.
ඒ නිසා තමයි අද ලංකාවේ තහනම් වචනය “සිංහලයා” බවට පත්වෙලා තියෙන්නේ.
එහි ප්රතතිඵලයක් තමයි ඉතිහාස පොතේන් “සිංහලයා’ ඉවත් වෙලා “ශ්රී ලාංකිකයා” ඇතුළු වෙන්නේ.

@කසුන්

ඔබ ලංකාව තුල දෙමල ජනයාට යම් යම් සිදුවීම් තුලින් අසාධාරනයක් වී ඇතැයි පවසනවා
නමුත් ලංකාවේ පසුගිය කාළ සීමාවතුල වැඩි අසාධාරනයක් සිදුවී ඇත්තේ සිංහල මිනිස්සුන්ටය.
සිංහල මිනිස්සුන්ට සිදුවෙච්ච අසාධාරනයේ පුපුරායෑම් තමයි 1971 , 1988 සිදුවෙන්නේ.
මෙම අවස්ථාවලදී තරුණ මිනිස්ජීවිත ලක්ෂයකට අධිකප්රමාණයක් අහිමිවන්නේත්
සිංහලයා විවිධ සමාජීය ප්රශ්න වලින් පීඩිතව ඒවායින් මිදීම සදහා තමන්ගේ ජීවිත කැප කිරීමක් නොවේද?

November 9, 2008 at 5:08 PM  

@මනෝජ්:
මම කියන්නේ නැහැ සිංහල මිනිසුන්ට ප්‍රශ්න නැතෙයි කියලා. හැබැයි ඒවායින් වැඩිමනක් (බොම්බ පිපිරීම්, උතුරු නැගෙනහිර සිදුවූ වාර්ගික ප්‍රචන්ඩත්වය වැනි දේ හැර) සිංහල වූ හේතුවෙන් පැනනැගුනු ඒවා නොවෙයි.
ඔබ කියනවා වගේම 71 දීත් 88-89 දීත් පැනනැගුනු අරගලයන්ට පාදක වෙන්නේ විවිධ සමාජීය පීඩනයන්ම තමයි. ඒත් හොඳින් මතක තියා ගත යුත්තේ මේවා එක් ජාතියකට පමණක් තිබෙන/තිබුනු ප්‍රශ්නයන් නිසා සිදූවූවා යන්න වැරදි බව.
මම හිතන විදියට අපට හැමදාමත් වැරදුනේ මෙතන. ඒක රටක මිනිසුන් එක එක කුලක වලට බෙදිලා පොදු ගැටළු වලට තනි තනි පිළිතුරු හොයන්න යන එක. හැබැයි ඒකේ වැරැද්ද සාමාන්‍ය ජනතාව අ‍තේ නොව ඒ සමාජයේ මතවාද හසුරවන්නන් අත.

තර්කයක් නැතිවම මම එකඟ වෙනවා විවිධ ජනකොටස් වලට තමන්ගේ කියා අභිමානයක් තිබෙන බවටත්, එමෙන්ම අනන්‍ය ලක්ෂනයන් ඇති බවටත්. ඒවා (යහපත් දේ) ආරක්ෂා කරගත යුතු බවටත්. ඒත් ඒ නිසාම එකම රටක මිනිසුන් එකිනෙකා කෙරෙහි සැකයෙන් හා අනවබෝධයෙන් සිටීම අනුමත කරන්නට පුලුවන් කමක් නැහැ.
---

@අමල්:
>අද ඔය ව්‍යාජ මානව හිමිකම් ගැන කථා කරන
>කිසිවෙකු 89-92 දී මානව අයිතිවාසිකම් ගැන
>කෑ ගැසුයේ නැත

ඒක ඇත්තක්මම නෙවෙයි නේද? ක්ෂමා ජාත්‍යන්තරය වගේ සංවිධාන වගේම තවත් මානව හිමිකම් සංවිධාන ඒ වකවානුවේදී පවා පවති රජයන් විවේචනය කරා (පැරැණි පුවත්පත් වාර්තා හරහා ඒ ගැන දැනගන්න බැරි කමක් නැහැ) අනික අද අපේ ජනාධිපතිතුමා පවා ඒ වකවානුවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ විරෝධයන් ජාත්‍යන්තරය ගෙනගිය කෙනෙක්.

එහෙත් දැන් තත්වය වෙනස්. අද වන විට යුධ විරෝධයේ සිට සමාජ සුභසා‍ධනය පවා ව්‍යාපෘතිකරණය කරල. අපේ සිවිල් සමාජයේ හෘද සාක්ෂිය අවධි ්‍කරන්න පුළුවන් මේ ව්‍යාපෘති හරහා එන ඩොලර් වලින් විතරයි. :(

November 10, 2008 at 2:35 PM  

අදහස් දැක්වීම පිලිබඳ සැමට ස්තූතියි. විශේෂයෙන්ම මොන අදහසක් දැරුවත් මට පේන විදිහට අද තරුණයින් මේ මාතෘකාව සම්බන්ධයෙන් යම් හැදැරීමකින් සිටින බව පේනවා, එය වැදගත් වේවි යයි මා සිතනවා අපිට ජාතියක් විදිහට සුභදායී අනාගතයක් ගොඩ නගා ගැනීමට සහ කුරුවල් වී දේශපාලඥයින්ගේ පැරණි මතයන් මතම ඇමිණි සිටිනා මිනිසුන්ගෙන් මිදී ඉදිරියට යාමට.

November 11, 2008 at 5:43 PM  

ප්‍රභාකරන්ගෙ මූලික ප්‍රස්තුතය නිජබිමක් වුනාට ඔතන තියෙන්නෙ තනිකර පෞද්ගලික ධනලෝභිත්වයක්...
ටිකක් හිතන්න "චේ", "මාක්ස්" ලා විප්ලව කලා ඒත් එ බලකායට මිනිස්සු සහභාගි වුනේ ස්වකැමැත්තෙන්...
ඔන්න ඔතනයි හැමෝටම වරදින්නෙ "කොටි සංවිධානය" දෙමල ජනතාව වෙනුවෙන් පෙනීසිටී නම් අසරන බහ තෝරන වයසේ කිරිසප්පයා පවා කොටි බලකායට බදව ගනීද...
කවුරු වුනත් හිතලා බලන්න ඕනි මේ හැමදේම තුල සැගවිලා තියෙන්නෙ මොනවාද කියන එක..
අන්න එකයි වෙන්න ඕනි නිකං කැපී පේන්න කියවන එක නෙමෙයි...

අමල්ට ලියන පලමු වතාව...
සුබ....
අමල් අපි කියවලා විතරක් ඉන්නෙ නෑ...

November 14, 2008 at 12:43 PM  

Newer Post Older Post Home