වැස්ස + ආරම්භය

                           අද හවස් වරුවම හොඳටෝම වහිනවා.  ඊයේ හවස ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ‍හොයලා අද උදේ වෙද්දි බ්ලොග් එක හදල ඉවර කර ගත්තා. ඒත් ලියන්න අදහසක් ආවෙම නෑ. ඉතින් ආයුබෝවන්  කියලා පටන් ගත්තා. පුරුදු විදිහනේ කොහොමටත්. හවස් වරුවෙ වැස්ස නිසා ඉතුරු කාලයත් මේකටම සිත යොදවන්න පුළුවන් වුනා.

                          ඒත් තාමත් ලියන්න අදහස් නෑ… ඉතින් මං හොයා ගත්තා නිසඳැසක්, ඒක මම ලියපු එකක් නම් නෙවී. ගෑනු ළමයා දුන්න එකක්. ලස්සනයි කියලා හිතිච්ච හින්දා පල කරා.

                         මේ වැස්සත් නිකන් ආදරය වගේ , මොකද පහුගිය සති කීපයම වැස්සේ නෑ, ඉතින් වැඩේ බනින එක. වහින්නෙවත් නෑනේ, ඉන්න බෑ රස්නය කියලා. ඒ වගේම තමා මේ දවස් වල වැඩෙත් බනින එක වහිනවා වහිනවා ඉවරයක් නෑනේ තියලා. ඉතින් ආදරයත් එහෙමනේ, ආදරේ වැඩි වුනත් චුරු චුරුව, මදි වුනත් චුරු චුරුව ( හෙට ගුටි ). ඒක නිසා තමා මම වැස්සෙන්ම පටන් ගත්තේ. පොඩි කාලේ වැස්ස වෙලාවට ගෙදර හිටියා නම්අනිවාර්යයෙන්ම මහ වැස්සට  තෙමි  තෙමී  හොඳට  සෙල්ලම් කරනවා. අම්මා නම් බනිනවා. හැබැයි තාත්තා නම් ෆිට්. ඕන තරමක් සෙල්ලම් කරලා අයියයි මායි මල්ලියි පිටි පස්සේ ටැංකියෙන් තව වතුර දෙක තුනක් දා ගන්නවා මඩ හේදෙන්න.

                       ජීවිතේ වැඩි කාලයක් ගෙවුනේ ගෙදරින් පිට නිසා මට ගෙදර දී ලබපු අත්දැකීම් බොහෝම පොඩ්ඩක් තියෙන්නේ. ඉස්කොලේ ( ධර්මරාජේ) හොස්ටල් එකේ දි නම් බොහෝම සතුටුදායක දේවල් තමා උනේ වැස්ස වෙලාවේ. කොටින්ම කියනවනම් ඒ කාලේ මගේ ජිවිතේ ලොකුම සතුට තමා නිදාගන්න එක. ඉතින් වැස්ස  තියෙනවනම් වෙන මොනවද? වැහැපන් වැහි වලාවේ කියලා පංතියේදිත් නිදා ගන්නවා, හවස ඉස්කොලේ ඇරලා ඇවිත් ආයෙත් නිදා ගන්නවා, ඊට පස්සේ පාඩම් කරන වෙලාවෙත් නිදා ගන්නවා ( සර් දැක්කනම් ඉතින් පැය දෙකක් පොත අතේ තියා ගෙන හිටගෙන පාඩම් කරන්න ඕන ) ඊට පස්සේ ඉතින් රෑටත් නිදා ගන්නවා.

                        පාසල් දවස් වල තව මතක තියෙන වැස්සක් වැස්සා. එතකොව මන් එකොලහේ පංතියේ.  අනේ මන්දා ඒ දවස් වල හරියට හවස දෙක වෙද්දි  වහිනවා. සොබාව ධර්මෙ හරි නරකයි. අපෙ ඉස්කොලේ ඉඳන් කිලොමීටරයක් විතර එන්ට එපැයි නුවර ටවුමට. දනිස් ගාවට එනකං මඩ ඉහිලා ඉතින්. එදා හරියට අපි ගේට්ටුවෙන් එලියට එනකොටම වහින්න ගත්තා. අපි එතකොට කොහේ කියලා යන්නද ? මම නම් යාළුවෙක්ගේ කුඩයක් යටට සේන්දු වුනා. එත් ඉතින් තෙමෙනවම තමා. හැබැයි කේස් එක කියන්නේ වැහැලා තියෙන්නේ අපේ ඉස්කෝලේ හරියට විතරයි. ඉතින් කොහොමද? තෙමිච්ච කුකුලෝ වගේ දණිස්සෙන් පහල දුඹුරු පාට වෙච්ච කලිසමකුත් ඇඳගෙන ටවුමට එද්දි. ….

                          රස්සාව කරන කලේ වැස්ස ගැන අත්දැකීම, උදේ අටට කලින් නුගේගොඩට වැස්සොත්,      සනීපයි. සපත්තු දෙක ගිය ගමන් ගලෝලා දාලා තමා වැඩ අල්ලන්නේ. මොකද පොඩි වැස්සක් වැස්සත් ස්ටැන්ඩ් එක වටේටම යට වෙනවනේ. මං බස් එකෙන් බැහැලා වතුර ගැඹුර අඩු තැන් හොයනවා….

img_4529-3

නුඹ

nuba

උදෑසන පළමු සිතිවිල්ල...

රැයෙහි අවසන් සිහිනය...

නෙත් කෙවෙනි පුරා ගලන,

කඳුලු ගං දෑල නුඹ….

ආයුබෝවන්

415083_4326

Newer Posts Home