පොළව නොදත් දේ…

මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා  මේක තේරුම් ගන්න

polawa nodath de

ආදරය

අදත්, හෙටත්

එක වගේමයි…

එතරම්මයි…

නුඹේ සෙනෙහස

මට මේ සතියෙත් හම්බ වුණා නිසඳැසක් ඇයගෙන්

                       nube senehasa

                       මේකට පිළිතුරු හෙට :)

20080822-212035-pic-246065967

දශක දෙක හමාරක් තිස්සේ ඇදී යන යුද්ධයට දැන් අවසාන කාලය ලංවී ඇත. සම්පූර්ණ අවසානයක් මෙසේ යුද්ධයකින් පමණක් දැකිය නොහැකි වුවත් මෙම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතු යැයි මම සිතමි. එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය අවසාන කිරීමෙන් පසු උතුරු පෙදෙස සංවර්ධනයටද මෙලෙසම උද්යෝගයක් දැක්විය යුතුය. නැතිනම් මෙපමණ පරිත්‍යාග මධ්‍යයේ ලබා ගන්නා ජයග්‍රහණය පලක් නොවනු නිසැකය. මොකද වසර 25 ක කාලයක් පුරාවට යුද්ධය පමණක් අත්විඳ ඇති උතුරේ ජනයා හට තම අත්දැකීම්ද ඇත්තේ යුද්ධය සම්බන්ධයෙන් පමණක් බැවින් ඔවුන් සාමාන්‍ය සිවිල් ජීවිතයකට හැඩ ගැස්සවීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානසික පසුබිමද සැකැස්විය යුතුය.

අද දින දවල් වරුවේ මා සමග සංවාදයට පැමිණි (chat)අයකු පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව මේ කරගෙන යන යුද්ධය වැරදි බවය. ඔහු පවසන්නේ ඔහු කොටි සංවිධානයට කැමති නැති බවත්, මෙම ජන ඝාතක යුද්ධය නිසා අහින්සක මිනිසුන් මැරෙන එකටත් ඔහු කැමති නැති බවත්ය. ඔහුට අනුව ලංකාව පුරා බෝම්බ පුපුරන්නේ සිංහල අපගේ වැරැද්ද මත මිසක් වෙන හේතුවක් නිස නම් නොවේ යන්නයි. ඔහු පවසන්නේ වසර හැටක කාලයක් පුරා ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙන බවය එය නොවිසඳා මෙයට පිළිතුරක් නැති බවය. ඉතින් මම මෙසේ ඇසුවෙමි

හොඳයි දෙමළ ජනයාට තියෙන ප්‍රශ්නය මොකද්ද?

නමුත් එයට ඔහු හට උත්තරයක් නැත.ඔහුට පමණක් නොවේ මෙම යුද්ධයට විරුද්ධ කිසිවෙකුටත් එයට පිළිතුරක් නැත. ඇත්තටම මොකද්ද තියෙන ප්‍රශ්නය? ඔවුන්ට රටක් නැතිකමද? පිළිතුර ප්‍රශ්නයක් නැත. කොටින්ම දෙමළ ජනයාට ඔවුන් දෙමළ වූ පමණින් මෙරට තුල කිසිදු ප්‍රශ්නයක් නැත.සමහරුන් සිතා සිටින්නේ 77,83 සිදුවීම් මෙයට ප්‍රධාන හේතුව කියාය. නමුත් එම කාලයේදී සිංහලයාටද එම සියළු කරදර විඳිමට සිදුවු බව ඔවුනට අමතකද? නැතිනම් අමතක සේ සිටින්නේද?

අද ඔය ව්‍යාජ මානව හිමිකම් ගැන කථා කරන කිසිවෙකු 89-92 දී මානව අයිතිවාසිකම් ගැන කෑ ගැසුයේ නැත. අඩුම ගණනේ කට වත් හොල්ලා නැත. නමුත් අද මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට පහර එල්ල කරද්දී ඔවුන්ට රිදෙයි. දැන් ඔවුන් කියන්නේ මෙය සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි. මේ කුරිරු යුද්ධය නිසා අහින්සක දෙමළ ජනයා මැරෙන බවයි. නමුත් ඔවුනට දකුණේ මැරෙන සිංහල ජනයා ගැන කැක්කුමක් ඇති නොවෙයි. එහිදී මානව හිමිකම් කඩ නොකෙරෙනවා විය හැකිය.

ඇත්ත වශයෙන්ම දෙමළ ජනයා හට ප්‍රශ්නයක් නැත. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. ඔවුන් ඒ සඳහා දෙමළ ජනයා පලිහක් ලෙස ඉදිරියට දමමින් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මාන බලමින් සිටිති. දැනට අවුරුදු 25ක් සිදු වූයේ එයමය. එයට පෙරද සිදු වූයේ ද එපමණකි. බලාගෙන ගියහොත් ප්‍රශ්නයක් ඇත්තේ මෙරට සිංහල ජනතාවටය. ඔවුන් මෙරට සිංහල වූ පමණින් අපට අහිමි වු දේ බොහෝය. අඩුම ගණනේ තම රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කිරීමටද අප හට දැන් නොහැකී වී ඇති සේය. මෙයට ආසන්නම උදාහරණය පසුගිය කාලය තුල අප රට තුලට දිගු කෙරුණු ඉන්දීය හස්තයයි. කොටින් පසුගිය සාම විරාම ගිවිසුම කාලයෙහි දී මෙරට සාමාන්‍ය සිංහල ජනයා අතරට බොම්බ අතෑරිය වග ඔවුනට ගණනක් නැත. දිගින් දිගටම පසුගිය වසර 25 තුලදීම මෙරට අහිංසක සිංහල ජනයා මෙන්ම, මැතිඇමතිවරුන් ද සැහෙන් ප්‍රමාණයක් නිරපරාදේ මරු තුරුලට ගිය වගද ඔවුනට අමතකය. අඩුම ගණනේ පසු ගිය දිනවල දිවයින පුරා පුපුරා ගිය බොම්බ වලින් මිය ගිය පිරිසද ඔවුනට අමතකය. නමුත් එම ප්‍රහාර වලට විරුද්ධව පියවර ගැනීම අසාධාරණයක් බවට ඔවුන් කෑ ගසති. දේශපාලන විසඳුමකට පැමිණිය යුතු බව කියති.

මා දන්නා තරමින් මෙරට දෙමළ ජනායාට කිසිදු ප්‍රශ්නයක් නැත( දන්නා තරමින් නොව කෙසේම වත් ඔවුනට පමනක් පොදුවූ ප්‍රශ්නයක් නැත.). අපි සියළු දෙනාම දැනටත් ඉතා හොඳින් එකිනෙකාව අශ්‍රය කරමින් සිටිමු. උදව් කරගනිමින් විවාහ සම්බන්ධතා පවා ඇති කරගනිමින් සිටි. සාමාන්‍ය දෙමළ ජනයාට සිංහලයා කෙරෙහිද සිංහල ජනයාට දමිලයින් කෙරෙහිද තරහවක් නැත්තේමය. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. එය යුධමය වශයෙන් පරාජය කල යුතුය. මා එසේ කියන්නේ කොටීන් හට සාමය වැළඳ ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සෑහෙන වරක් අත දිගු තර ඇත. තවමත් ඔවුනට ආයුධ බිම තබා එම මාර්ගය තෝරා ගත හැක. නමුත් ඔවුන් එසේ නොකරනු ඇත. මොකද ඔවුනට අවශ්‍ය වී ඇත්තේ වෙනම දෙමළ රාජ්‍යයක් මිසක් වෙන යමක් නොවන බැවිනි. ඔවුන්ගේ සිහිනයේ අවසන් කොටසට දැන් එළඹ ඇත. එම නිසා කොටි මෙන්ම ඔවුනට සහයෝගය දක්වන NGO සංවිධාන, සහ පුද්ගලයින් ද මරු විකල්ලෙන් දඟලනු ඇත. මෙම යුද්ධමය පරාජය සිදු කරන ගමන්ම ඒ හා සම්බන්ධ මතවාද ආකල්ප සහ පුවාදත් පරාජය කල යුතුය. මොකද මේ යුද්ධය නිසා වාසි ලබා ගන්නා හබන් කුකුලන් රැසක් වටවී බලා සිටිනා බැවිනි.

මම +නුඹ

මම ඉපදුනා

ජීවත් වුනේ නෑ…

මම හිනහුනා

සතුටු වුනේ නෑ…

නුඹ මාගේ වුනා

ඉන් පසු…

මම ජීවත් වුනා

සතුටු වුනා

සත්තකින්ම…

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවතුනේ ගිය මාසේ, වෙනත් අවශ්‍යතාවයන් කීපයක් සඳහා කොළඹට පැමිණියත් ප්‍රදර්ශනය පැත්තේ නම් යන්න බැරිවුනා. පොඩි කාලේ නම් කොළඔ ආවොත් තාත්තා අනිවාර්යයෙන්ම මොකක් හරි පොතක් අරන් දෙනවා . පොත් ප්‍රදර්ශනයෙන් ම විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට ගුණසේන එකෙන්. මේ පාරත් මම කොළඹ යන බව දැනගත් වෙලාවෙත් ඔහු “ පුතේ පොත් ප්‍රදර්ශනය පැත්තේ පොඩ්ඩක් ගිහින් වරෙන් එන ගමන්” යැයි කීවේ අපි දෙන්නම එකලෙස පොත් වලට ඇලුම් කරන බැවිනි.

පොඩි කාලේ සිට මට තිබ්බ පුරුද්දක් තමයි අතට අහුවන ඕනම දෙයක් කියවන එක. බත් ඔතං ආපු පත්තර කොලේ පවා. බත් එක කන්නේ නැතිව ඒක කියවනවා කියලා ඔෆිස් එකේ යාළුවෝපවා ඒ දවස් වල බැන්නා. කොහොම වුනත් පොත් කියවීමේ පුරුද්ද මට මග ඇරුනේ උසස් පෙල කරන කාලේදි. අධ්‍යාපනයට බරවෙලා හිටිය හින්දා නෙවෙයි. කොහොම හරි ඒ පුරුද්ද සැහෙන්ට ම මග හැරිලා ගියා. මම 5 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ ඉවර කරලා ගෙදර සිටිය කාලය තුල කියවපු තරම් පොත් ප්‍රමාණය හිතුවොත් එතැන් සිට ගත වුනු පසුගිය අවුරුදු 10ක කාලය තුල ඒ පොත් මිටියෙන් 10න් 1ක්වත් පොත් කියවන්න නැතුව ඇති.

කොහොම හරි මේ මාසේ 3 වෙනිදා ඉඳලා නාවලපිටිය නගර සභා ශා‍ලාවේදී පොත් ප්‍රදර්ශනයක් ආරම්භ කලා. නිවාඩු වෙලාවක් බලලා ගියේ හොඳ පොතක් තිබුනොත් ගන්නම් කියලා. පොත් සැහෙන්න ප්‍රමාණයක් තිබුනත් පරිවර්තන වලට තියෙන කැමැත්ත නිසා මං බැලුවේ පරිවර්තන විතරයි. ඒ අතර තිබු පොත් ගොඩක් මං ගාව තියෙන ඒවා ( මං ගාව කීවට තාත්තා ගාව.අපේ ගෙදර තියෙන සියළුම පොත් වල අයිතිකාරයා තාත්තා). ඒ වගෙම පරණ රුසියන් පරිවර්තන රාශියක් නව මුද්‍රණයන් විදිහට එලි දක්වලා තිබ්බා. හැබැයි රුසියාවේ ප්‍රගති ප්‍රකාශන වලට හරි රාදුගා ප්‍රකාශන වලට හරි ලගින්වත් තියන්න පුළුවන් තරමේ මුද්‍රණ තත්වයක් ඒ පොත් වල දැක්කේ නෑ. එක පොතක් මුද්‍රණය කරලා තිබ්බේ කෙලින්ම ස්කෑන් කරලා. ඒක එහෙම්ම මුද්‍රණයට අරගෙන තිබ්බා.

මං හොයලා හොයලා ගත්තා පොත් හතරක් විතර මට. ඒ හැම එකක්ම කලින් කියවලා තිබ්බත් දැන් ඒ පොත් මා ගාව නෑ. යාළුවන්ට කියවන්න දීලා ඒ පොත් ඔවුන් සදහටම අයිති කරගෙන. එහෙම දුන්න පොතක් මං තාමත් හොයනවා “ තෙවන ඇස” කියලා ටිබෙට් කථාවක්. ටී. ලොබ්සාං රම්පා කියලා කෙනෙක් ලියපු එකක්. පරිවර්ථකගේ නම මතක නෑ. ඒ පොත නැති වුනේ 10 වසරෙදි. ගත්ත පොත් වල නම් තමයි “ජමීලා” “හරි පුදුම ඉස්කොලේ” “සැබෑ මිනිසකුගේ කථාවක්” සහ “රතු සෙබලිය” .

මේ පොත් වලින් තාම කියවන්න පළ්‍රවන් වුනේ ජමීලා විතරයි. ඒ පොත කෙටි නව කථා දෙකකින් සමන්විතයි. දෙකම චින්ගීස් අයිත්මාතව් නැමති ලේඛකයා ලියපු කථා. ඔහු ගැන ලංකාවේ ගොඩාක් අය නම් දන්නේ “ගුරු ගීතය” පොතෙන්. මේ පොත් දෙකම පරිවර්තනය කරලා තියෙන්නේ දැදිගම වී රුද්‍රිගෝ. මං දන්න ලස්සනටම පොත් පරිවර්තනය කරපු අයගෙන් කෙනෙක්. අනිවාර්යයෙන්ම රුසියන් සාහිත්‍ය ලංකාව තුල ප්‍රචලිත වෙන්න ඔහු එක සාධකයක්. ඒ තරම් කෘතහස්ත පරිවර්තකයෙක්.

ජමීලා පොතේ මගේ සිත් ගත් කොටස් කිහිපයක් මට සටහන් තබන්න සිතුනා. මේ සටහන පවා ලියන්න ගත්තේ ඒ නිසයි. මුළ්‍ර කථාවම මේ ඡේද කිහිපයෙන් ප්‍රකාශ වෙනවා කියලා මම හිතනවා.

“මොර සූරන වැස්ස ඇරඹිනි. පිදුරු ගොඩක් මත වැතිර සිටි මාගේ හදවත ගැහෙන සැටි මට දැනුණි. මා ප්‍රීතියෙනි. රෝගීව බොහෝ කාලයක් තිස්සේ ගෙයි මුල්ලට වී සිටි යමෙක් පළමු වරට හිරු එළිය බැලීමට ආවාක් මෙන් විය. වැස්ස හා විදුලි කෙටීම නිසා පිදුරු ගොඩ තුලට වැදුනද මා සතුටුනි. මා නිදා ගත්තේ මද සිනහා පාමිනි. මට ඇසෙන ශබ්ද දනියාර්ගේ හා ජමීලාගේ කෙඳිරීම්ද නැතිනම් වැහි බින්දු පිදුරු වලට වැටෙන විට ඇති වන ශබ්දයද යන්න මට අවබෝධ නොවිනි.

වැසි කාලය ඇරඹී ඉක්මනින්ම වස්සාන ඍතුව පැමිණෙනු ඇත. සටෙප්ස් තණ කොළවල හා පිදුරු වල නැවුම් සුවඳ දසත පැතිර ගියේය. වස්සාන ඍතුවෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒගැන යම් කිසි හේතුවක් නිසා මම නොසිතමි…..”


“ පලයන්… හැදී වැඩිලා දැන් පියාපත් සොලවනවා…

නුඹලා බොහෝ ඉහලින් පියාසර කරාවිදැයි අප දන්නේ කොහොමද?

නුඹලා ඇත්ත යුක්තිය අනුව වැඩ කරනවා වෙන්ට පුළ්‍රවනි. පලයන්… ගිය පසු අදහස වෙනස් කරන්ට පුළුවනි. පින්තූර ඇඳීම, තීන්ත ගෑම හොඳ රස්සාවක් නෙවී….

ඉගෙන ගනින් එතකොට තේරුම් ගනීවී…

නුඹේ ගෙය අමතක කරන්න එපා……”


“ඹබ දැන් කිනම් මගක් ඔස්සේ ගමන් කරන්නෙහිද? ස්ටෙප්ස් බිම හරහා දැන් මාර්ග බොහොමයකි. අල්තායි හා සයිබීරියාව දක්වාත් අළුත් මංමාවත් විශාල ගණනකි. නිර්භය බොහෝ දෙනා එහි වැඩ කරති. ඔබ එහි ගියෙහිද…? මගේ ජමීලා ආපසු නොහැරී නොබලාම පිටවී ගියාය. ජමීලා ! දැන් ඔබ සමහර විට විඩා පත්වී හෝ අඩුවූ ආත්ම විශ්වාසයකින් පසු වන්නෙහිද..? එසේ නම් දනියාර්ගේ උර මත හිස තබා ගන්න. ආලය මහපොළව සහ ජීවිතය ගැන ගී ගයන ලෙස දනියාර්ට කියන්න.! ස්ටෙප්ස් බිම විවිධ වර්ණවලින් බැබළුණාවේ ! එවිට ඔබට අගෝස්තු රාත්‍රිය මතක් වේවා ! ජමීලා ඉදිරියට යන්න. කණගාටු නොවන්න. ඔබ අසීරු භාග්‍යයක් සොයා ගත්තෙහිය……”

Jamila

ජමීලා

චින්ගීස් අයිත්මාතව්

පරිවර්තනය- දැදිගම වී රුද්‍රිගු

 

DSCF4446

“When you go home

tell them that

We sacrificed

Our Today

For their

Better Tomorrow”

 

මට මේ ඡායාරුපය හම්බ වුනේ මගේ මිත්‍ර අනීස් ගේන්. මේ ඡායරෑපය ඔහු අරන් තියෙන්නෙ සෝමපුර හමුදා කඳවුරේ දී.

මේ සම්බන්ධයෙන් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් මට ලියන්න තේරෙන්නේ නෑ. එනිසා මෙය ඔබ දුටු විට මේ පිළිබඳව ඔබේ හිතට නැගෙන අදහස් දක්වනවානම් සතුටක් දැනේවී මට.

DSCF4457

 

anuradhapuraya 119

මං කැමති සිංදුවක්

Newer Posts Older Posts Home