ණන ළල භේදය

පසු ගිය දවස් වල විවිධ බ්ලොග් අඩවි කීපයක් තුල මා දුටු තර්කයකි සිංහල භාෂාවට ණන ළල භේදය අනවශ්‍ය බව. නමුත් මාගේ පුද්ගලික අදහසනම් අනිවාර්යයෙන් ණන ළල භේදය තිබිය යුතු බවයි. හේතුව වන්නේ මෙම භේදය සිංහල භාෂාව හොඳින් උගත් අයෙකුටනම් ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් ලංකාවේ සියල්ලන්ම (සිංහල භාෂාව භාවිතා කරන) හොඳින් සිංහල ඉගෙන ගත් අය නොවේ. මා දැක ඇති පරිදි ලංකාවේ සාක්ශරතාවය සියයට අනූ ගණනක් වන නමුත් හරියාකාරව සිංහල ලිවීමට කියවීමට දන්නා ප්‍රමාණය සෑහෙන්න අඩුය. එමෙන්ම අලුතින් සිංහල ඉගෙන ගන්නා කෙනෙකුට නම් අක්ෂර වින්‍යාසයක් නොතිබීම බොහෝ වෙලාවට ප්‍රශ්නයක් වනු අනිවාර්යයි. මොකද ඔවුන් සිංහල භාෂාවත් සමග සිංහල අක්ෂර මාලාවත් ඉගෙන ගන්නා නිසයි.

අනෙක භෂාව පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව භාවිතා කිරීමට පහසුය. කවර විෂයක් වුවත්, ඒ පිළිබඳව අදහස් දැක්වීමේදී මාධ්‍යයක් වශයෙන් කවරදාකවත් සිංහල භාෂාව දුබලතාවයක් නොදැක්වූ අතර දැනුදු නොදක්වයි. සිංහල වර්ණ මාලාව ඒ තරම් ශක්තිමත් වේ. අදහසක් දැක්වීමේදී ඒ සඳහා යෙදුමක් නැතිනම් එය අලුතෙන් නිර්මාණය කර ගැනිමට තරම් ශක්තියක් සිංහල භාෂාවට ඇත. එමගින් යමකු විසින් ලියන ලද දෙයක් තවත් අයෙකු කියවීමේදී ලැබිය යුතු අදහස වඩාත් පරිපූර්ණ වනු ඇත.

එය ගැන බලන්න
එය ගැණ බලන්න

මෙම වාක්‍යය දෙක කියවන විට ඇති වන හැඟීම කෙසේද? පළමු වාක්‍යය ඒ පිළිබඳව බලන්න යන අර්ථයත්, දෙවන වාක්‍යය එය ගණන් කර බලන්න යන අර්ථයත් දෙයි. මේ නිකම් උදාහරණයක් පමණි. භාෂාව හැකිතාක් පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව, තියුණුව භාවිතා කල හැක.

අවශය අයෙකුට බස තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කර භාවිතා කළ හැක. ඒ භාෂාව සම්බන්ධයෙන් ඇත්තේ රීති මාලාවක් මිස නීති මාලාවක් නොවන බැවිනි. නමුත් ඒ සඳහා සම්පූර්ණ භාෂාවම වෙනස් කළ යුතුයැයි කියන්නේ නම් එය පිළිගත නොහැක. සිංහල බස අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ වෙනස් වෙමින් අලුත් වෙමින් සැදී ඇත්තේ වඩාත් පරිපූර්ණවය. යමෙකුට සම්පූර්ණ සිංහල බස ඉගෙන ගැනීමට බැරිනම් එය ඔහුගේ වරදක් මිස භාෂාවේ වරදක් නොවේ. එයට භාෂාව නොව ඔහු වෙනස් විය යුතුය යනු මගේ මතයයි.

ලස්සන

ආදරේ ලස්සනයි...
ඒත් තේරෙන්නේ නෑනේ...


ඒක හොඳයි
ලස්සන දේවල් තේරුම් ගත්තම
ඉතිරිවෙන්නේ දුක විතරයි...

අන්තිම එක

මම යනවා නිදා ගන්න. රේඩියෝ අහලා මගේ ඇඟටත් මඩ විසි වෙලා. හෝද ගන්න ඕන. පව් ස්සුදාරක මලයා.

චාරිකා

මම හෙට උදේ යනවා දළඳා මාලිගාවේ. එන අවුරුද්දවත් සුභ වෙන්න කියලා.

ෆිල්ම්

ඊයේ රූපවාහිනියේ ගියා කබි අලවිදනා කෙහෙනා ෆිල්ම් එක. හිතුවට වඩා හොඳයි. පවුල් ප්‍රශ්න තියෙන අයට හොඳයි බලනවනං.

හෙට

හෙට ...
මං බලා ඉන්නා මග
නුඔ එන්න
අද වගේම
මුතු සිනාවෙන් බැඳි...

( මට ඉතින් නිසඳැස් ලියන්න බෑ මම දැක්ක එකක්)

උබුන්ටු

මගේ උබුන්ටු සීඩී එක ගිය සතියේ ඇවිත් තිබ්බා. නෙට් එකෙන් බාගත්තට ඒක බලන්න බැරි වුනා. සීඩී එක වත් දාලා බලන්න ඕන

Newer Posts Older Posts Home