මැරතන්

මම ඉතින් හැමදාම පරක්කු මනුස්සයානේ ඔන්න මමත් පටන් ගත්තා මැරතන් දුවන්න. ටිකක් රැ වුනාම තමා මට ඉතින් වේගයෙන් දුවන්න පුළුවන්. දැනට හෙමි හෙමින් දුවන්නම්

ජීවිතේට ම මම හම්බ කරපුවාගෙන් අන්තීමට ඉතුරු වුනේ මිනිස්සු විතරයි.
ඒත් මම වෙලාවකට හිතුවා කොච්චර හිටියත් මොකටද කියලා.

හැමොම එකම යුද්ධයක...
ජීවිත සටන. සල්ලි වෙනුවෙන් හැමොම දුවනවා දුවනවා. සල්ලි නෙවෙයි ජීවිතේට ඕන වෙන්නේ
නිදහස....
එහෙම හිතාගෙන තමා අනිත් අය ලඟ වැඩ කරන එක නවත්තලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
ඇත්තටම නිදහසේ හිටියා.
හැබැයි එක දෙයක් මග ඇරුණා. ඉස්සර විනෝද ගමනක්, උත්සවයක්, ප්‍රදර්ශනයක්, කෑම්ප් එකක් තිබ්බොත් ඉස්සෙල්ලම ආරාධනාව මට. මචන් .... දා උදේ යනවා වරෙන්.
හැබැයි පහුගිය අවුරුදු තුනටම මම කරපු එකම දෙය වැඩ.. වැඩ.. වැඩ...
ඒත් අන්තිමට ඉතුරු වුනේ .......................?
ලෝකෙට ණය නොවී බේරුනේ අමාරුවෙන්.

ඒත් මිනිස්සුන්ට, යාළුවන්ට මාව මතකයි. උන් වෙනදා වාගේම මට ලෙන්ගතුයි.
මම සම්බන්ධතා තියාගත්තේ නැති වුනාට උන්ට තාම මාව මතකයි.
පරණ පුරුදු සෙනෙහෙසින් මාව පිළිගන්නවා.
මේ දේ නේද මට ඕන වුනේ. සල්ලි වලට යට නොවුනු ලෝකයක්.
හැමොම එකට වැටිලා එකට ඉන්න එක නේද මට ඕන වුනේ.
ඒත් ඒ සල්ලි පිටිපස්සේම දුවන්න මට සිද්ධ වුනා.

කමක් නෑ. දැන් ආය මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. මම හම්බ කරගත්ත මනුස්සයෙක්ම මට උදව් කලා මේ අවපාතයෙන් ගොඩ එන්න. සාමාන්‍ය රැකියා ස්ථානයකට වඩා නිදහසකුත් සමග.

ඒ වගේම සල්ලි වලට බොහොමත් ස්තූති කරනවා මිතුරන් සහ සාමන්‍ය මිනිසුන් කවුරුන්දැයි නැවතත් පැහැදිලිව පෙන්වා දීම පිළිබඳව.
................................................................................................

අන්තර්ජාලයේ මිතුරනි ඔබ සැමට දහස් වරක් ස්තූතියි... මා සමග රැඳි සිටියාට.


හම්බ වෙමු නැවත 27.
ලියලා තියෙන දේවල් තෙරෙන්නේ නැතිව ඇති. දුක සතුට කළකිරීම පිළිබඳව මගේ සිතට දැණුනු හැඟිම වචන වලට හැරුනේ ඔහොමයි.

දිගු කලකට නොවුනත්
ටික කලකට සමුගන්නවා
අන්තර්ජාලයෙන්...
ජීවිතයේදී ඇති වන
නොයෙකුත් ප්‍රශ්න නිසා
හමුවෙමු
ජීවිතය නැවතත් ස්ථාවර වූ පසු...

සමාජ විප්ලවය

මේ කියමන මම දැක්කේ පෙරදිග සුලං සංවිධානය විසින් මුද්‍රණය කරන ලද පොත් සලකුණක තිබිලා.

තොත්ත බබාලා,
හොඳ හදවතක් ඇති තක්කඩියන්,
අනෙකා ගැන සෑම විට ම පැමිණිලි කරන වාමාංශිකයන්,
බොරුවට පිරිමින් සමග තරහා වූ ගැහැනුන්,
හද්ද මෝඩ ගැමියන්,
අල ගෝනි නාගරිකයන්,
වැස්සට සන්ග්ලාස් දමන බඩුකාරයන්,
ඉංග්‍රීසි පොතක් දබරැඟිල්ලට හිරකරගෙන කක්කුටු ගමනින් ඇවිදින පාදඩයන්,
මාධ්‍ය හාල්කෑලි,
ග්‍රාම්ස්චි සේ වීමට දඟළන න්‍යායාචාර්යවරුන්
යනාදී මෙකී නොකී සියලූ දෙනා අපට හමු වී ඇත.
හමු වී නැත්තේ සමාජ විප්ලවයක් කිරීමට හැකි අධිෂ්ඨානශීලී මිනිසුන් පමණි.

පැතුම

මේ පාරනම් ටිකක් දරුණුයි

Pethuma

පොළව නොදත් දේ…

මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා  මේක තේරුම් ගන්න

polawa nodath de

ආදරය

අදත්, හෙටත්

එක වගේමයි…

එතරම්මයි…

නුඹේ සෙනෙහස

මට මේ සතියෙත් හම්බ වුණා නිසඳැසක් ඇයගෙන්

                       nube senehasa

                       මේකට පිළිතුරු හෙට :)

Newer Posts Older Posts Home