මම ඉතින් හොයන්න පටන් ගත්තා මොකක්ද මේකට හේතුව කියලා? සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් බලන් ගියහම.
ලේබල් : මගේ වැඩ
හැමදාම හිතනවා අද නම් මොනා හරි ලියන්න පටන් අරන් බ්ලොග්කරණයට නැවත බහිනවා කියලා. ඒත් හැමදාම වැඩේ කල් යනවා. අන්තිමේදි මකුළු දැලුත් බැඳලා. මට ලියන්න මාතෘකා තිබුණට ලියන්න පටන් ගත්තම පොටක් පෑදෙන්නෙම නෑ පටන් ගන්නේ කොතනින්ද කියලා. හැබැයි මේ පාර නම් පටන් ගන්නවා.
අනිවා ඩෙෆා...
අනෙක භෂාව පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව භාවිතා කිරීමට පහසුය. කවර විෂයක් වුවත්, ඒ පිළිබඳව අදහස් දැක්වීමේදී මාධ්‍යයක් වශයෙන් කවරදාකවත් සිංහල භාෂාව දුබලතාවයක් නොදැක්වූ අතර දැනුදු නොදක්වයි. සිංහල වර්ණ මාලාව ඒ තරම් ශක්තිමත් වේ. අදහසක් දැක්වීමේදී ඒ සඳහා යෙදුමක් නැතිනම් එය අලුතෙන් නිර්මාණය කර ගැනිමට තරම් ශක්තියක් සිංහල භාෂාවට ඇත. එමගින් යමකු විසින් ලියන ලද දෙයක් තවත් අයෙකු කියවීමේදී ලැබිය යුතු අදහස වඩාත් පරිපූර්ණ වනු ඇත.
එය ගැන බලන්න
එය ගැණ බලන්න
මෙම වාක්‍යය දෙක කියවන විට ඇති වන හැඟීම කෙසේද? පළමු වාක්‍යය ඒ පිළිබඳව බලන්න යන අර්ථයත්, දෙවන වාක්‍යය එය ගණන් කර බලන්න යන අර්ථයත් දෙයි. මේ නිකම් උදාහරණයක් පමණි. භාෂාව හැකිතාක් පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව, තියුණුව භාවිතා කල හැක.
අවශය අයෙකුට බස තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කර භාවිතා කළ හැක. ඒ භාෂාව සම්බන්ධයෙන් ඇත්තේ රීති මාලාවක් මිස නීති මාලාවක් නොවන බැවිනි. නමුත් ඒ සඳහා සම්පූර්ණ භාෂාවම වෙනස් කළ යුතුයැයි කියන්නේ නම් එය පිළිගත නොහැක. සිංහල බස අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ වෙනස් වෙමින් අලුත් වෙමින් සැදී ඇත්තේ වඩාත් පරිපූර්ණවය. යමෙකුට සම්පූර්ණ සිංහල බස ඉගෙන ගැනීමට බැරිනම් එය ඔහුගේ වරදක් මිස භාෂාවේ වරදක් නොවේ. එයට භාෂාව නොව ඔහු වෙනස් විය යුතුය යනු මගේ මතයයි.
ලේබල් : Sinhala, සිංහල, හිතට දැනෙන දේවල්
ආදරේ ලස්සනයි...
ඒත් තේරෙන්නේ නෑනේ...
ඒක හොඳයි
ලස්සන දේවල් තේරුම් ගත්තම
ඉතිරිවෙන්නේ දුක විතරයි...
මම යනවා නිදා ගන්න. රේඩියෝ අහලා මගේ ඇඟටත් මඩ විසි වෙලා. හෝද ගන්න ඕන. පව් ස්සුදාරක මලයා.
මම හෙට උදේ යනවා දළඳා මාලිගාවේ. එන අවුරුද්දවත් සුභ වෙන්න කියලා.
ඊයේ රූපවාහිනියේ ගියා කබි අලවිදනා කෙහෙනා ෆිල්ම් එක. හිතුවට වඩා හොඳයි. පවුල් ප්‍රශ්න තියෙන අයට හොඳයි බලනවනං.
හෙට ...
මං බලා ඉන්නා මග
නුඔ එන්න
අද වගේම
මුතු සිනාවෙන් බැඳි...
( මට ඉතින් නිසඳැස් ලියන්න බෑ මම දැක්ක එකක්)
මගේ උබුන්ටු සීඩී එක ගිය සතියේ ඇවිත් තිබ්බා. නෙට් එකෙන් බාගත්තට ඒක බලන්න බැරි වුනා. සීඩී එක වත් දාලා බලන්න ඕන
අනේ දෙයියනේ ලියන්න කියලා ඉඳ ගත්තට ලියන්න දෙයක් නෑනේ. මැර තන් පරදියි වගේ.
යුනිකෝඩ් යතුරුලියනයට පුරුදු වුනාට පස්සේ මට දැන් සාමාන්‍ය අකුරු යතුරුලියනය කරද්දි වරදිනවා හොඳටම.
මම ඉතින් හැමදාම පරක්කු මනුස්සයානේ ඔන්න මමත් පටන් ගත්තා මැරතන් දුවන්න. ටිකක් රැ වුනාම තමා මට ඉතින් වේගයෙන් දුවන්න පුළුවන්. දැනට හෙමි හෙමින් දුවන්නම්
ලේබල් : මැරතන්
ජීවිතේට ම මම හම්බ කරපුවාගෙන් අන්තීමට ඉතුරු වුනේ මිනිස්සු විතරයි.
ඒත් මම වෙලාවකට හිතුවා කොච්චර හිටියත් මොකටද කියලා.
හැමොම එකම යුද්ධයක...
ජීවිත සටන. සල්ලි වෙනුවෙන් හැමොම දුවනවා දුවනවා. සල්ලි නෙවෙයි ජීවිතේට ඕන වෙන්නේ
නිදහස....
එහෙම හිතාගෙන තමා අනිත් අය ලඟ වැඩ කරන එක නවත්තලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
ඇත්තටම නිදහසේ හිටියා.
හැබැයි එක දෙයක් මග ඇරුණා. ඉස්සර විනෝද ගමනක්, උත්සවයක්, ප්‍රදර්ශනයක්, කෑම්ප් එකක් තිබ්බොත් ඉස්සෙල්ලම ආරාධනාව මට. මචන් .... දා උදේ යනවා වරෙන්.
හැබැයි පහුගිය අවුරුදු තුනටම මම කරපු එකම දෙය වැඩ.. වැඩ.. වැඩ...
ඒත් අන්තිමට ඉතුරු වුනේ .......................?
ලෝකෙට ණය නොවී බේරුනේ අමාරුවෙන්.
ඒත් මිනිස්සුන්ට, යාළුවන්ට මාව මතකයි. උන් වෙනදා වාගේම මට ලෙන්ගතුයි.
මම සම්බන්ධතා තියාගත්තේ නැති වුනාට උන්ට තාම මාව මතකයි.
පරණ පුරුදු සෙනෙහෙසින් මාව පිළිගන්නවා.
මේ දේ නේද මට ඕන වුනේ. සල්ලි වලට යට නොවුනු ලෝකයක්.
හැමොම එකට වැටිලා එකට ඉන්න එක නේද මට ඕන වුනේ.
ඒත් ඒ සල්ලි පිටිපස්සේම දුවන්න මට සිද්ධ වුනා.
කමක් නෑ. දැන් ආය මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. මම හම්බ කරගත්ත මනුස්සයෙක්ම මට උදව් කලා මේ අවපාතයෙන් ගොඩ එන්න. සාමාන්‍ය රැකියා ස්ථානයකට වඩා නිදහසකුත් සමග.
ඒ වගේම සල්ලි වලට බොහොමත් ස්තූති කරනවා මිතුරන් සහ සාමන්‍ය මිනිසුන් කවුරුන්දැයි නැවතත් පැහැදිලිව පෙන්වා දීම පිළිබඳව.
................................................................................................
අන්තර්ජාලයේ මිතුරනි ඔබ සැමට දහස් වරක් ස්තූතියි... මා සමග රැඳි සිටියාට.
හම්බ වෙමු නැවත 27.
ලියලා තියෙන දේවල් තෙරෙන්නේ නැතිව ඇති. දුක සතුට කළකිරීම පිළිබඳව මගේ සිතට දැණුනු හැඟිම වචන වලට හැරුනේ ඔහොමයි.
ලේබල් : හිතට දැනෙන දේවල්
මේ කියමන මම දැක්කේ පෙරදිග සුලං සංවිධානය විසින් මුද්‍රණය කරන ලද පොත් සලකුණක තිබිලා.
හොඳ හදවතක් ඇති තක්කඩියන්,
අනෙකා ගැන සෑම විට ම පැමිණිලි කරන වාමාංශිකයන්,
බොරුවට පිරිමින් සමග තරහා වූ ගැහැනුන්,
හද්ද මෝඩ ගැමියන්,
අල ගෝනි නාගරිකයන්,
වැස්සට සන්ග්ලාස් දමන බඩුකාරයන්,
ඉංග්‍රීසි පොතක් දබරැඟිල්ලට හිරකරගෙන කක්කුටු ගමනින් ඇවිදින පාදඩයන්,
මාධ්‍ය හාල්කෑලි,
ග්‍රාම්ස්චි සේ වීමට දඟළන න්‍යායාචාර්යවරුන්
යනාදී මෙකී නොකී සියලූ දෙනා අපට හමු වී ඇත.
හමු වී නැත්තේ සමාජ විප්ලවයක් කිරීමට හැකි අධිෂ්ඨානශීලී මිනිසුන් පමණි.
මට ඇත්තටම කවි ලියන්න බෑ ඒත් ඊයේ කවියට මේ අදහස තමා මගේ හිතට ආවේ. ඊයේ එක කියවලා මේක තේරුම් ගන්න
ආදරය
අදත්, හෙටත්
එක වගේමයි…
එතරම්මයි…
ලේබල් : කවි
ලේබල් : කවි
දශක දෙක හමාරක් තිස්සේ ඇදී යන යුද්ධයට දැන් අවසාන කාලය ලංවී ඇත. සම්පූර්ණ අවසානයක් මෙසේ යුද්ධයකින් පමණක් දැකිය නොහැකි වුවත් මෙම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතු යැයි මම සිතමි. එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය අවසාන කිරීමෙන් පසු උතුරු පෙදෙස සංවර්ධනයටද මෙලෙසම උද්යෝගයක් දැක්විය යුතුය. නැතිනම් මෙපමණ පරිත්‍යාග මධ්‍යයේ ලබා ගන්නා ජයග්‍රහණය පලක් නොවනු නිසැකය. මොකද වසර 25 ක කාලයක් පුරාවට යුද්ධය පමණක් අත්විඳ ඇති උතුරේ ජනයා හට තම අත්දැකීම්ද ඇත්තේ යුද්ධය සම්බන්ධයෙන් පමණක් බැවින් ඔවුන් සාමාන්‍ය සිවිල් ජීවිතයකට හැඩ ගැස්සවීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානසික පසුබිමද සැකැස්විය යුතුය.
අද දින දවල් වරුවේ මා සමග සංවාදයට පැමිණි (chat)අයකු පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව මේ කරගෙන යන යුද්ධය වැරදි බවය. ඔහු පවසන්නේ ඔහු කොටි සංවිධානයට කැමති නැති බවත්, මෙම ජන ඝාතක යුද්ධය නිසා අහින්සක මිනිසුන් මැරෙන එකටත් ඔහු කැමති නැති බවත්ය. ඔහුට අනුව ලංකාව පුරා බෝම්බ පුපුරන්නේ සිංහල අපගේ වැරැද්ද මත මිසක් වෙන හේතුවක් නිස නම් නොවේ යන්නයි. ඔහු පවසන්නේ වසර හැටක කාලයක් පුරා ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙන බවය එය නොවිසඳා මෙයට පිළිතුරක් නැති බවය. ඉතින් මම මෙසේ ඇසුවෙමි
හොඳයි දෙමළ ජනයාට තියෙන ප්‍රශ්නය මොකද්ද?
නමුත් එයට ඔහු හට උත්තරයක් නැත.ඔහුට පමණක් නොවේ මෙම යුද්ධයට විරුද්ධ කිසිවෙකුටත් එයට පිළිතුරක් නැත. ඇත්තටම මොකද්ද තියෙන ප්‍රශ්නය? ඔවුන්ට රටක් නැතිකමද? පිළිතුර ප්‍රශ්නයක් නැත. කොටින්ම දෙමළ ජනයාට ඔවුන් දෙමළ වූ පමණින් මෙරට තුල කිසිදු ප්‍රශ්නයක් නැත.සමහරුන් සිතා සිටින්නේ 77,83 සිදුවීම් මෙයට ප්‍රධාන හේතුව කියාය. නමුත් එම කාලයේදී සිංහලයාටද එම සියළු කරදර විඳිමට සිදුවු බව ඔවුනට අමතකද? නැතිනම් අමතක සේ සිටින්නේද?
අද ඔය ව්‍යාජ මානව හිමිකම් ගැන කථා කරන කිසිවෙකු 89-92 දී මානව අයිතිවාසිකම් ගැන කෑ ගැසුයේ නැත. අඩුම ගණනේ කට වත් හොල්ලා නැත. නමුත් අද මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට පහර එල්ල කරද්දී ඔවුන්ට රිදෙයි. දැන් ඔවුන් කියන්නේ මෙය සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි. මේ කුරිරු යුද්ධය නිසා අහින්සක දෙමළ ජනයා මැරෙන බවයි. නමුත් ඔවුනට දකුණේ මැරෙන සිංහල ජනයා ගැන කැක්කුමක් ඇති නොවෙයි. එහිදී මානව හිමිකම් කඩ නොකෙරෙනවා විය හැකිය.
ඇත්ත වශයෙන්ම දෙමළ ජනයා හට ප්‍රශ්නයක් නැත. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. ඔවුන් ඒ සඳහා දෙමළ ජනයා පලිහක් ලෙස ඉදිරියට දමමින් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මාන බලමින් සිටිති. දැනට අවුරුදු 25ක් සිදු වූයේ එයමය. එයට පෙරද සිදු වූයේ ද එපමණකි. බලාගෙන ගියහොත් ප්‍රශ්නයක් ඇත්තේ මෙරට සිංහල ජනතාවටය. ඔවුන් මෙරට සිංහල වූ පමණින් අපට අහිමි වු දේ බොහෝය. අඩුම ගණනේ තම රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කිරීමටද අප හට දැන් නොහැකී වී ඇති සේය. මෙයට ආසන්නම උදාහරණය පසුගිය කාලය තුල අප රට තුලට දිගු කෙරුණු ඉන්දීය හස්තයයි. කොටින් පසුගිය සාම විරාම ගිවිසුම කාලයෙහි දී මෙරට සාමාන්‍ය සිංහල ජනයා අතරට බොම්බ අතෑරිය වග ඔවුනට ගණනක් නැත. දිගින් දිගටම පසුගිය වසර 25 තුලදීම මෙරට අහිංසක සිංහල ජනයා මෙන්ම, මැතිඇමතිවරුන් ද සැහෙන් ප්‍රමාණයක් නිරපරාදේ මරු තුරුලට ගිය වගද ඔවුනට අමතකය. අඩුම ගණනේ පසු ගිය දිනවල දිවයින පුරා පුපුරා ගිය බොම්බ වලින් මිය ගිය පිරිසද ඔවුනට අමතකය. නමුත් එම ප්‍රහාර වලට විරුද්ධව පියවර ගැනීම අසාධාරණයක් බවට ඔවුන් කෑ ගසති. දේශපාලන විසඳුමකට පැමිණිය යුතු බව කියති.
මා දන්නා තරමින් මෙරට දෙමළ ජනායාට කිසිදු ප්‍රශ්නයක් නැත( දන්නා තරමින් නොව කෙසේම වත් ඔවුනට පමනක් පොදුවූ ප්‍රශ්නයක් නැත.). අපි සියළු දෙනාම දැනටත් ඉතා හොඳින් එකිනෙකාව අශ්‍රය කරමින් සිටිමු. උදව් කරගනිමින් විවාහ සම්බන්ධතා පවා ඇති කරගනිමින් සිටි. සාමාන්‍ය දෙමළ ජනයාට සිංහලයා කෙරෙහිද සිංහල ජනයාට දමිලයින් කෙරෙහිද තරහවක් නැත්තේමය. ඇත්තේ ප්‍රභාකරන්ගේ සහ දෙමළ දේශපාළුවන් ගේ ඊලාම් සිහිනයක් පමණි. එය යුධමය වශයෙන් පරාජය කල යුතුය. මා එසේ කියන්නේ කොටීන් හට සාමය වැළඳ ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සෑහෙන වරක් අත දිගු තර ඇත. තවමත් ඔවුනට ආයුධ බිම තබා එම මාර්ගය තෝරා ගත හැක. නමුත් ඔවුන් එසේ නොකරනු ඇත. මොකද ඔවුනට අවශ්‍ය වී ඇත්තේ වෙනම දෙමළ රාජ්‍යයක් මිසක් වෙන යමක් නොවන බැවිනි. ඔවුන්ගේ සිහිනයේ අවසන් කොටසට දැන් එළඹ ඇත. එම නිසා කොටි මෙන්ම ඔවුනට සහයෝගය දක්වන NGO සංවිධාන, සහ පුද්ගලයින් ද මරු විකල්ලෙන් දඟලනු ඇත. මෙම යුද්ධමය පරාජය සිදු කරන ගමන්ම ඒ හා සම්බන්ධ මතවාද ආකල්ප සහ පුවාදත් පරාජය කල යුතුය. මොකද මේ යුද්ධය නිසා වාසි ලබා ගන්නා හබන් කුකුලන් රැසක් වටවී බලා සිටිනා බැවිනි.
