ජීවිතේට ම මම හම්බ කරපුවාගෙන් අන්තීමට ඉතුරු වුනේ මිනිස්සු විතරයි.
ඒත් මම වෙලාවකට හිතුවා කොච්චර හිටියත් මොකටද කියලා.

හැමොම එකම යුද්ධයක...
ජීවිත සටන. සල්ලි වෙනුවෙන් හැමොම දුවනවා දුවනවා. සල්ලි නෙවෙයි ජීවිතේට ඕන වෙන්නේ
නිදහස....
එහෙම හිතාගෙන තමා අනිත් අය ලඟ වැඩ කරන එක නවත්තලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තේ.
ඇත්තටම නිදහසේ හිටියා.
හැබැයි එක දෙයක් මග ඇරුණා. ඉස්සර විනෝද ගමනක්, උත්සවයක්, ප්‍රදර්ශනයක්, කෑම්ප් එකක් තිබ්බොත් ඉස්සෙල්ලම ආරාධනාව මට. මචන් .... දා උදේ යනවා වරෙන්.
හැබැයි පහුගිය අවුරුදු තුනටම මම කරපු එකම දෙය වැඩ.. වැඩ.. වැඩ...
ඒත් අන්තිමට ඉතුරු වුනේ .......................?
ලෝකෙට ණය නොවී බේරුනේ අමාරුවෙන්.

ඒත් මිනිස්සුන්ට, යාළුවන්ට මාව මතකයි. උන් වෙනදා වාගේම මට ලෙන්ගතුයි.
මම සම්බන්ධතා තියාගත්තේ නැති වුනාට උන්ට තාම මාව මතකයි.
පරණ පුරුදු සෙනෙහෙසින් මාව පිළිගන්නවා.
මේ දේ නේද මට ඕන වුනේ. සල්ලි වලට යට නොවුනු ලෝකයක්.
හැමොම එකට වැටිලා එකට ඉන්න එක නේද මට ඕන වුනේ.
ඒත් ඒ සල්ලි පිටිපස්සේම දුවන්න මට සිද්ධ වුනා.

කමක් නෑ. දැන් ආය මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. මම හම්බ කරගත්ත මනුස්සයෙක්ම මට උදව් කලා මේ අවපාතයෙන් ගොඩ එන්න. සාමාන්‍ය රැකියා ස්ථානයකට වඩා නිදහසකුත් සමග.

ඒ වගේම සල්ලි වලට බොහොමත් ස්තූති කරනවා මිතුරන් සහ සාමන්‍ය මිනිසුන් කවුරුන්දැයි නැවතත් පැහැදිලිව පෙන්වා දීම පිළිබඳව.
................................................................................................

අන්තර්ජාලයේ මිතුරනි ඔබ සැමට දහස් වරක් ස්තූතියි... මා සමග රැඳි සිටියාට.


හම්බ වෙමු නැවත 27.
ලියලා තියෙන දේවල් තෙරෙන්නේ නැතිව ඇති. දුක සතුට කළකිරීම පිළිබඳව මගේ සිතට දැණුනු හැඟිම වචන වලට හැරුනේ ඔහොමයි.

Newer Posts Older Posts Home