සමාජ විප්ලවය

මේ කියමන මම දැක්කේ පෙරදිග සුලං සංවිධානය විසින් මුද්‍රණය කරන ලද පොත් සලකුණක තිබිලා.

තොත්ත බබාලා,
හොඳ හදවතක් ඇති තක්කඩියන්,
අනෙකා ගැන සෑම විට ම පැමිණිලි කරන වාමාංශිකයන්,
බොරුවට පිරිමින් සමග තරහා වූ ගැහැනුන්,
හද්ද මෝඩ ගැමියන්,
අල ගෝනි නාගරිකයන්,
වැස්සට සන්ග්ලාස් දමන බඩුකාරයන්,
ඉංග්‍රීසි පොතක් දබරැඟිල්ලට හිරකරගෙන කක්කුටු ගමනින් ඇවිදින පාදඩයන්,
මාධ්‍ය හාල්කෑලි,
ග්‍රාම්ස්චි සේ වීමට දඟළන න්‍යායාචාර්යවරුන්
යනාදී මෙකී නොකී සියලූ දෙනා අපට හමු වී ඇත.
හමු වී නැත්තේ සමාජ විප්ලවයක් කිරීමට හැකි අධිෂ්ඨානශීලී මිනිසුන් පමණි.

Newer Posts Older Posts Home