සමාජ විප්ලවය

මේ කියමන මම දැක්කේ පෙරදිග සුලං සංවිධානය විසින් මුද්‍රණය කරන ලද පොත් සලකුණක තිබිලා.

තොත්ත බබාලා,
හොඳ හදවතක් ඇති තක්කඩියන්,
අනෙකා ගැන සෑම විට ම පැමිණිලි කරන වාමාංශිකයන්,
බොරුවට පිරිමින් සමග තරහා වූ ගැහැනුන්,
හද්ද මෝඩ ගැමියන්,
අල ගෝනි නාගරිකයන්,
වැස්සට සන්ග්ලාස් දමන බඩුකාරයන්,
ඉංග්‍රීසි පොතක් දබරැඟිල්ලට හිරකරගෙන කක්කුටු ගමනින් ඇවිදින පාදඩයන්,
මාධ්‍ය හාල්කෑලි,
ග්‍රාම්ස්චි සේ වීමට දඟළන න්‍යායාචාර්යවරුන්
යනාදී මෙකී නොකී සියලූ දෙනා අපට හමු වී ඇත.
හමු වී නැත්තේ සමාජ විප්ලවයක් කිරීමට හැකි අධිෂ්ඨානශීලී මිනිසුන් පමණි.

5 ප්‍රතිචාර:

ඔය කියන විප්ලවය කා වෙනුවෙන් කුමක් අරඹයාද?
මම නම් හිතන්නේ අධිෂ්ඨානශීලී මිනිස්සු ඉන්නවා නමුත් පවතින ක්‍රමය තුල ඔවුන්ට ඉඩක් නෑ..නැතිනම් ඉඩ හදාගන්න එයාලා කැමති නෑ

December 2, 2008 at 11:26 AM  

අදහස නම් සහතික ඇත්ත... එහෙව් මිනිසුන් අද අපේ රටේ හිටියානම් කොහොම තියෙන්න තිබුනු රටක්ද...
පෙරදිග සුලං ගැනත් මට හිතෙන දේ කියන්නම් ඇත්තටම තාමත් ඕකෙ තියෙන්නෙ කයිවාරු විතරයි යමක් තාම කරලා තියෙනවද කතන්දර කිය කිය බොරු සුරංගනා ලෝක මව මව ඉන්නවා විතරයි... කතන්දර නැතුව වැඩක් පටන් ගත්ත දාට මමත් ඔවුන් සමග හමා යනවා...

December 2, 2008 at 11:51 AM  

@ මලී සමාජ විප්ලවයක් නම් අවශ්‍යයි. මේ ගඳ ගහන සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒකට අධිෂ්ඨානශීලී මිනිසුන් සිටියත් ඔවුන්ට ඉඩක් නෑ කියන එකනම් ඇත්ත. හැබැයි ඉඩ තිබ්බත් වෙලාවකුත් නැ.

ආගන්තුකයා පෙරදිග සුලං දැන් චුට්ටක් හොඳයි. ඔවුන්ම කියන විදිහට ඔවුන් දැන් වෙනස් වෙලා. අර පරණ X කාරයෝ නෙවෙයි දැන්.

කොහොම උනත් මන් මේ වචන ටික තුල ලස්සනක් දැක්කා. පොඩි ඇත්තකුත් දැක්කා. ඒකයි සටහනක් දැම්මේ.

December 2, 2008 at 2:53 PM  

වෙලාව හොයාගන්න අකමැතියි වෙන්නත් පුළුවන්....
අනිවාර්යෙන්ම.. මේ ලියලා තියන දේ සමස්ථයක් වශයෙන් හරිම ලස්සනයි

December 2, 2008 at 7:46 PM  

හ්ම්ම්.....

December 3, 2008 at 11:22 AM  

Newer Post Older Post Home